ඒ මනුෂ්‍යයෝ: නුඹ අප දිවුරවාගත් මේ දිවුරුම ගැන අපි නිදොස්වන්නෙමුව.
නුමුත් ඔවුන් අතරේ එනම් දාවිත් සහ සාවුල්ගේ පුත් යොනාතාන් අතරේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කරන්ට යෙදුණු දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන යොනාතාන්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් ඉතුරු කෙළේය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.
මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේට බාරයක් වුණොත් නොහොත් යමකින් වැලකීමට බැඳෙන හැටියට දිවුරුමක් දිවුළොත් ඔහු තමාගේ වචනය කඩනොකර තමාගේ මුඛයෙන් නික්මෙන සියල්ල ලෙස කෙරේවා.
අප දේශයට ආ කල මේ රතු නූල් පටිය නුඹ අප බැස්සෙවු කවුළුවෙහි බැඳ තබා නුඹේ පියාද මවුද සහෝදරයන්ද නුඹේ පියාගේ ගෙයි වැසි සියල්ලන්ද නුඹ වෙතට ගෙයි එකතුකරගන්න.
නුමුත් නුඹ අපේ මේ කාරණය එළිදරව්කළොත් නුඹ අප දිවුරවාගත් දිවුරුම ගැන අපි නිදහස්වන්නෙමුයයි කීවෝය.