Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොෂුවා 2:15

Sinhala Revised Old Version

එවිට ඈ ලනුවකින් ඔවුන් කවුළුවෙන් බැස්සෙවුවාය. මක්නිසාද ඇගේ ගෙය නුවර පවුර පිට තිබුණේය, ඈද පවුර පිට වාසයකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

නුමුත් ඔහුගේ ගෝලයෝ රාත්‍රියේ ඔහු රැගෙන, කූඩයක බාමින් ඔහු පවුරෙන් බැස්සෙවුවෝය.

මම කූඩයක ලා කවුළුවක සිට පවුරෙන් බස්වනු ලැබ, ඔහුගේ අත්වලින් ගැළවුණෙමි.

ඒ මනුෂ්‍යයෝ ඈට කථාකොට: අපේ මේ කාරණය නුඹලා එළිදරව් නොකරතොත් ස්වාමීන්වහන්සේ දේශය අපට දෙන කල අපි නුඹට කරුණාවෙන්ද සැබෑකමින්ද ක්‍රියාකරන්නෙමුව. එසේ ක්‍රියානොකළොත් අපේ ප්‍රාණ නුඹලා වෙනුවට මරණයට පැමිණේවයි කීවෝය.

ඈ ඔවුන්ට කථාකොට: එළවාගන ගිය අයට නුඹලා අසු නොවන පිණිස කඳුකරයට යන්න; ඔවුන් හැරී එන තුරු එහි තුන් දවසක් සැඟවී සිටින්න. ඉන්පසු නුඹලාගේ ගමන යන්නැයි ඔවුන්ට කීවාය.

එසේ සෙනඟ ඔල්වර හඬ ගැසූහ, පූජකයෝ හොරණෑ පිම්බෝය. සෙනඟ හොරණෑ ශබ්දය අසා මහත් හඬකින් ඔල්වරහඬ පැවැත්තූ විට පවුර ඇද වැටුණේය, සෙනඟද එකිනෙකා තම තමා ඉදිරිපිට නැගී ගොස් නුවර අල්ලාගෙන,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්