Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොෂුවා 19:30

Sinhala Revised Old Version

උම්මාද අපෙක්ද රෙහොබ්ද අඩංගුය. නුවරවල් විසි දෙකක් සහ ඒවායේ ගම්ද තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

ඉතිරි අය අපෙක් නම් නුවර ඇතුළට පලා ගියෝය; එහිදී ඉතිරිව සිටිය විසි හත් දහසක් මනුෂ්‍යයන් පිට පවුරු වැටුණේය. බෙන්-හදද් පලාගොස් නුවරට පැමිණ ඇතුල් ගෙයකට ගියේය.

මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ශීදොන් දෙසට හරවා ඊට විරුද්ධව අනාගතවාක්‍ය පවසමින් මෙසේ කියන්න:

යෝසෙප් ගෝත්‍රයෙන් එනම් මනස්සේ ගෝත්‍රයෙන් සූසිගේ පුත්‍රවූ ගද්දීය.

හේපෙර්හි රජ එක්කෙනෙක්ය; අපෙක්හි රජ එක්කෙනෙක්ය; ලෂ්ෂාරොන්හි රජ එක්කෙනෙක්ය;

දකුණු දිශාවේද ශීදොන්වරුන්ට අයිතිවූ මෙයාරාහිද පටන් අපෙක්ට පැමිණෙන තුරු අමෝරිවරුන්ගේ සීමාව දක්වා කානානිවරුන්ගේ මුළු දේශයත්,

එබ්‍රොන්ද රෙහොබ්ද හම්මොන්ද කානාද මහ ශිදොන්ද දක්වා ගියේය;

එතනින් සීමාව රාමාට හැරී, පවුරු ඇති නුවරවූ තීර්ට පැමිණ, හෝසාට හැරී අක්සීබ් පළාතේ පටන් ගොස් මුහුද ළඟ කෙළවර වුණේය.

ආෂෙර් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්ය.

හෙල්කාත් සහ එහි පිට-බිම්ද රෙහොබ් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.

ආෂෙර්ද අක්කෝහි වැසියන්වත්, ශිදොන්හිත් අහ්ලාබ්හිත් අක්ශීබ්හිත් හෙල්බාහිත් අපික්හිත් රෙහොබ්හිත් වැසියන්වත් පන්නා නොදැමුවේය.

පිලිස්තිවරු තමුන්ගේ සියලු සමුදාවල් අපේක්ට රැස්කළෝය. ඉශ්‍රායෙල්වරුද යෙස්‍රෙයෙල්හි තිබෙන උල්පත ළඟ කඳවුරු බැඳගත්තෝය.

සාමුවෙල්ගේ වචනයද සියලු ඉශ්‍රායෙල්වරුන් වෙතට පැමුණුණේය. ඉශ්‍රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පිටත්ව ගොස් එබෙන්-එසෙර් ළඟ කඳවුරු බැඳගත්තෝය. පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්තෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්