පස්වෙනි කොටස ආෂෙර් පුත්‍රයන්ගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල්වල හැටියට වැටුණේය.
ලෙයාගේ දාසීවූ ශිල්පාගේ පුත්‍රයෝ ගාද් සහ ආෂෙර්ය. පදන්-අරාමේදී යාකොබ් නිසා උපන් පුත්‍රයෝ මොව්හුය.
ආෂෙර්හිද බෙයාලොත්හිද සිටිය හූෂයිගේ පුත්‍රවූ බානාය.
දාන්ගේ සීමාව ළඟ නැගෙනහිර පැත්තේ පටන් බස්නාහිර පැත්ත දක්වා ආෂෙර්ට එකක්ය.
ඉස්සාඛර් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ ගෝත්‍රයේ උරුමය මෙකී නුවරවල් සහ ඒවායේ ගම්ය.
ඔවුන්ගේ සීමාව හෙල්කත්ද හලීද බෙටෙන්ද අක්ෂාප්ද,
ආෂෙර්ද අක්කෝහි වැසියන්වත්, ශිදොන්හිත් අහ්ලාබ්හිත් අක්ශීබ්හිත් හෙල්බාහිත් අපික්හිත් රෙහොබ්හිත් වැසියන්වත් පන්නා නොදැමුවේය.
ගිලියද් යොර්දානෙන් එතර විසීය. දාන් තෙමේ නැව්වල කුමට නැවතී සිටියේද? ආෂෙර් මුහුදු වෙරළේ නිශ්චලව ඉඳගෙන තමාගේ කලපු ළඟ විසීය.