බෙතෙල් සිට ලූස්ට ගොස්, අර්කිවරුන්ගේ සීමාවේ අටාරෝත්ට පැමිණ,
ඒ ස්ථානයට බෙතෙල්යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.
තවද දෙවියන්වහන්සේට නමස්කාරකරන ස්ථානයවූ කන්ද මුදුනට දාවිත් පැමුණුණු විට අර්කීය හූෂයි තමාගේ උතුරුසළුව ඉරාගන, හිස පිට පස් දමාගන, ඔහුගේ පෙරමගට ආයේය.
මෙසේ දාවිත්ගේ මිත්‍රවූ හූෂයි නුවරට ආයේය; අබ්සලොම්ද යෙරුසලමට ආයේය.
තවද දාවිත්ගේ මිත්‍රයාවූ අර්කීය හූෂයි අබ්සලොම් ළඟට පැමිණුණ විට: රජු සැරදේවා, රජු සැරදේවයි කීවේය.
අහිතොපෙල් වනාහි රජුගේ මන්ත්‍රීයාව සිටියේය. අර්කීය හුෂයි රජුගේ මිත්‍රයා විය.
ඔවුන්ගේ උරුම සහ වාසස්ථාන නම්: බෙතෙල් සහ ඒකේ ගම්ද නැගෙනඉරට නයරාන්ද බස්නාහිරට ගෙසෙර් සහ ඒකේ ගම්ද; අස්සා සහ ඒකේ ගම්ද දක්වා ෂෙකෙම් සහ ඒකේ ගම්ද;
එතනින් සීමාව බෙතෙල් නම්වූ ලූස්ට ගොස්, දකුණු පැත්තෙන් ලූස් පසුකර පහළ බෙත්-හෝරොන්ට දකුණෙන් තිබෙන කන්දෙන් අටාරොත්-අද්දාර්ට බැස්සේය.