නැගෙනහිර සීමාව යොර්දාන් කෙළවර දක්වා ලුණු මුහුදය. උතුරු පැත්තේ සීමාව නම් යොර්දාන් කෙළවරෙහිවූ මුහුදේ වරාය පටන්ය.
නුඹලාගේ නැගෙනහිර සීමාව හශර්-ඒනානෙන් ෂෙඵාම් දක්වා ලකුණුකරන්න.
එතනින් සීමාව යොර්දාන අද්දරින් බැස ලුණු මුහුද ළඟදී කෙළවර වන්නේය. වටකර සීමාවල ප්‍රකාරයට මේක නුඹලාගේ දේශය වන්නේයයි කීසේක.
එසේ නුඹලාගේ දකුණු පැත්ත ශීන් කාන්තාරයේ පටන් ඒදොම් දිශාව ළඟින් වන්නේය, නුඹලාගේ දකුණු සීමාව නැගෙනහිර දිග ලුණු මුහුදේ කෙළවර සිට පටන්ගෙන,
එම සීමාව බෙත්-හොග්ලාට නැගී, බෙත්-අරබාට උතුරෙන් ගොස්, රූබෙන්ගේ පුත්‍රවූ බොහන්ගේ ගල ළඟට නැගී,