ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස කරමින් දේශය බෙදුවෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගොස් එසේ කළෝය; ඔව්හු ස්වාමීන්වහන්සේ මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.
යෝෂුවා ඔවුන් උදෙසා ෂීලෝහිදී ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පස ඇට දමා එහිදී ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කොට්ඨාසවල හැටියට ඔවුන්ට දේශය බෙදාදුන්නේය.
කානාන් දේශයේ ෂීලෝහිදී ඔවුන්ට කථාකොට: වාසයකිරීමට නුවරවල්ද අපේ සිව්පාවුන්ට ඒවායේ පිට-බිම්ද දෙන්ට කියා ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ආඥාකෙරෙවුසේකැයි කීවෝය.