ඒ වනාහි නුවරවල්ද ඒවායේ ගම්ද ඇතුළුව පවුල්වල හැටියට ගාද් පුත්‍රයන්ට ලැබුණු උරුමයය.
ඔව්හු ගිලියද්හිද බාෂාන්හිද එහි නුවරවලද ෂාරෝන්හි සියලු පිට-බිම්වලද තමුන්ගේ සීමා දක්වා වාසයකළෝය.
හෙෂ්බොන්හි රජවූ සීහොන්ගේ රාජ්‍යයෙන් ඉතුරු කොට්ඨාසය වන මිටියාවතේ තිබෙන බෙත්-හාරාම්ද බෙත්-නීම්රාද සුක්කොත්ද ශාපොන්ද නැගෙනහිරට යොර්දානෙන් එගොඩ කින්නෙරෙත් මුහුදේ කෙළවර දක්වා යොර්දාන සහ සීමාවද යන මේය.
මෝසෙස් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුමයක් දුන්නේය. එය මනස්සේ පුත්‍රයන්ගේ අර්ධ ගෝත්‍රයට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.