ඕග් රජුගේ මුළු රාජ්‍යය වන සලෙකා දක්වා තිබෙන මුළු බාෂාන්ද යන මේවාය. (ඔහු රෙපායිම් යෝධයන්ගෙන් ඉතුරුව සිටිය කෙනෙකි.) මෝසෙස් ඔවුන්ට පහරදී ඔවුන් පන්නා දැමුවේය.
හෙෂ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ටද එද්රෙය අසල අෂ්තාරොත්හි වාසයකළ බාෂාන්හි රජවූ ඕග්ටද පහරදුන් පසු,
රෙපායිම්වරුන්ගෙන් ඉතුරුව සිටිය බාෂාන්හි රජවූ ඕග්ගේ පළාතටත් පහරදී ඔව්හු එය හිමිකරගත්තෝය. ඔහු අෂ්තාරොත්හිත් එද්‍රෙයෙහිත් වාසය කොට
එසේවී නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගෙෂූර්වරුන්ද මයකාත්වරුන්ද පන්නා නොදැමුවෝය. ගෙෂූර්වරුද මයකාත්වරුද අද දක්වා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි වාසය කරති.
ගිලියද් දේශයෙන් අර්ධයක්ද බාෂාන්හි තිබුණ ඕග් රජුගේ රාජ්‍යයේ නුවරවල් වන අෂ්ටාරොත්ද එද්‍රෙයිද මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයන්ට එනම් මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.