ඔව්හු එහි සිටිය සියලු ප්‍රාණීන්ට කඩු මුවහතින් පහරදී ඔවුන් මුළුමනින්ම විනාශකර දැමුවෝය. හුස්ම ඇති කිසිවෙක් ඉතුරු නොවීය. ඔහු හාශොර් ගින්නෙන් පුලුස්සා දැමුවේය.
එහෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් කොට නුඹට දෙන්නාවූ මේ සෙනඟගේ නුවරවල හුස්ම ඇති කිසිවෙක්වත් ඉතුරු නොකරන්න.
එහෙත් සියලු සිව්පාවුන්ද නුවරවල සම්පත්ද අපට කොල්ලයක් කොට ගතිමු.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් නුඹ අතට පාවාදෙන්ටත් නුඹ ඔවුන්ට පහරදෙන්ටත් යෙදෙන කල්හිද නුඹ ඔවුන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ට කරුණා නොකොට, ඔවුන් සහමුලින්ම විනාශකර දමන්න.
මෙසේ යෝෂුවා මුළු දේශයට එනම් කඳු රටට හා දකුණු දේශයටද පාත රටට හා කඳු බෑවුම්වලටද එහි සියලු රජුන්ටද පහරදී එක්කෙනෙක්වත් ඉතුරුනොකොට ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අණකළ ලෙස හුස්ම ඇති සියල්ලන් මුළුමනින්ම සිඳදැමුවේය.
පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයන් හා මහල්ලන්ද ගවයන්ද බැටළුවන්ද කොටළුවන්ද යන නුවර සිටි සියල්ලන්ම කඩුමුවහතින් මුළුමනින්ම විනාශකර දැමුවෝය.
නුවර හා එහි තිබුණු සියල්ල ගින්නෙන් පුලුස්සා දැමුවෝය. රන් රිදීද පිත්තල හා යකඩ බඩුද පමණක් ඔව්හු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවෙහි තැබුවෝය.