Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොෂුවා 10:7

Sinhala Revised Old Version

එවිට යෝෂුවා මුළු යුද්ධ හමුදාවද සියලු බලවන්ත යුද්ධකාරයන්ද සමඟ ගිල්ගාල් කෙරෙන් නැගී ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

මේ සෙනඟ විසින් ද්‍රෝහිකාරකමය කියන සියල්ලට නුඹලා ද්‍රෝහිකාරකමයයි නොකියන්න; ඔවුන් භයවන දේට භයනොවෙන්න, තැති නොගන්න.

උන්වහන්සේ ශුද්ධස්ථානයක් පිණිස වනසේක, එහෙත් ඉශ්‍රායෙල් වංශ දෙකට බාධාවීමේ ගලක්ව, පැකිලීමේ පර්වතයක්ව, යෙරුසලමේ වැසියන්ට උගුලක්ව, මලපතක්ව සිටිනසේක.

එවිට ගිබියොන් හි මනුෂ්‍යයෝ: ඔබගේ දාසයන් අත්නෑර අප වෙතට ඉක්මනින් අවුත් අප ගළවා අපට උපකාරකළ මැනවි. මක්නිසාද කඳු රටේ වසන අමෝරිවරුන්ගේ සියලු රජවරු අපට විරුද්ධව එකතුවී සිටිතියි ගිල්ගාල්හි කඳවුරේ සිටි යෝෂුවාට කියා යැවූහ.

ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: භය නොවෙන්න, නොකැලඹෙන්න. මුළු යුද්ධ සේනාව නුඹ සමඟ ගෙන නැගිට හායිට යන්න. මා විසින් හායි රජු හා ඔහුගේ සෙනඟත් ඔහුගේ නුවරත් ඔහුගේ රටත් නුඹ අතට පාවාදී තිබේ.

මෙසේ යෝෂුවා හා මුළු යුද්ධ සේනාව හායිට යන පිණිස නැගිට්ටෝය. යෝෂුවා බලසම්පන්න යුද්ධකාරයන් තිස් දාහක් තෝරාගෙන රාත්‍රියේ ඔවුන් යවමින්,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්