Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොෂුවා 1:12

Sinhala Revised Old Version

යෝෂුවා රූබෙන්වරුන්ටද ගාද්වරුන්ටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයටද කථාකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

5 හුවමාරු යොමු  

බලවන්තයෝව පිය වංශවල ප්‍රධානියෝව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් හත්සියයක් වූහ; දාවිත් රජ ඔවුන් දෙවියන්වහන්සේගෙත් රජුගෙත් සියලු කාරණා ගැන රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කෙරෙහි මුලාදෑනීන් කොට පත්කෙළේය.

රූබෙන් පුත්‍රයන්ගෙන්ද ගාද්වරුන්ගෙන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද පලිහත් කඩුවත් පාවිච්චිකරන්නාවූ, දුන්නෙන් විදින්නාවූ, යුද්ධයට දක්ෂවූ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හතළිස් හාරදාස් හත්සිය හැටක් වූවෝය; ඔව්හු යුද්ධයට යන්ට පුළුවන් අයය.

එවිට යෝෂුවා රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද කැඳවා,

ඔවුන්ට කථාකොට: ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹලාට අණකළ සියල්ල නුඹලා පැවැත්තුවහුය, මා නුඹලාට අණකළ සියල්ල ගැන මාගේ හඬටත් කීකරුවූහුය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්