ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ මහත් ලෑල්ලක් ගෙන මනුෂ්‍යයෙකුගේ පන් හිඳෙන් මහෙර්-ෂාලාල්-හාෂ්-බස්යයි එහි ලියන්න.
ඉතින් මතු සදාකාලේටම තිබෙන පිණිස නුඹ ගොස් ඔවුන් ඉදිරියෙහි ඒක ලෑල්ලක ලියා පොතක සටහන්කර තබන්න.
නුඹ සාක්ෂිය බැඳ, ව්‍යවස්ථාව මුද්‍රාකර, මාගේ ගෝලයන් අතරේ තබන්නැයි කීසේක.
මම අනාගතවක්ත්‍රිය කරා ගියෙමි; ඈ ගර්භිණීව පුත්‍රයෙකු වැදුවාය. එවිට ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔහුට මහෙර්-ෂාලාල්-හාෂ්-බස් යන නම තබන්න.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් නුඹට කී සියලුම වචන පොතක ලියන්න.
නුඹ අකුළන පොතක් රැගෙන, යොෂියාගේ දවස්වලදී මා නුඹට කථා කළදා පටන් අද දවස දක්වා ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද සියලු ජාතීන්ද ගැන මා විසින් නුඹට කී සියලුම වචන එහි ලියන්න.
නුඹ නැවත වෙන පොතක් රැගෙන යූදාහි රජවූ යෙහෝයාකීම් දැවුවාවූ පළමු පොතේ තිබුණු ප්‍රථම වචන සියල්ලම ලියන්න.
එවිට යෙරෙමියා වෙන පොතක් ගෙන නේරියාගේ පුත්‍රවූ බාරුක් ලේකම්ට දුන්නේය; ඔහුද යූදාහි රජවූ යෙහෝයාකීම් ගින්නෙන් දවාදැමුවාවූ පොතේ සියලු වචන යෙරෙමියාගේ මුඛයෙන් අසා එහි ලියුවේය. ඒ වාගේ තවත් බොහෝ වචනත් ඒවාට එකතු කරනලද්දේය.
මෙහි ප්‍රඥාව ඇත්තේය. නුවණ ඇත්තා මෘගයාගේ ගණන ගණන්කරාවා; මක්නිසාද ඒක මනුෂ්‍යෙයකුගේ ගණනක්ය. උගේ ගණනද හසිය හැට හයක්ය(666).
ඔහු එහි පවුර මැන්නේය, ඒක මිනිහෙකුගේ එනම් දේවදූතයෙකුගේ මිම්මෙන් එකසිය හතළිස්හතර රියනක්ය.