එබැවින් ස්වාමීන්වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භීණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.
ස්වාමීන්වහන්සේගේ දූතයා: බලව, නුඹ ගර්භිණීව සිටියි, පුත්‍රයෙකු වදන්නීය; ස්වාමීන්වහන්සේ නුඹේ පීඩාව ඇසූ හෙයින් ඔහුට ඉෂ්මායෙල් යන නාමය තබන්න.
ලෙයා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: ස්වාමීන්වහන්සේ මාගේ දුක බැලූ බැවින් මාගේ පුරුෂයා ඉතින් මට ආදරේවන්නේයයි කියා ඔහුට රූබෙන් යන නම තැබුවාය.
මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක.
රාඛෙල් දෙවියන්වහන්සේ මා විනිශ්චයකොට මාගේ හඬත් අසා පුත්‍රයෙකු මට දුන්සේකැයි කීවාය. එහෙයින් ඈ ඔහුට දාන් යන නාමය තැබුවාය.
එවිට රාඛෙල්: මහත් පොර ඇල්ලීම්වලින් මාගේ සහෝදරී හා සමඟ පොර අල්ලා ජයගතිමියි කියා ඔහුට නප්තලී යන නාමය තැබුවාය.
ආදම් නැවත තමාගේ භාර්යාව හැඳින්නේය; ඈ පුත්‍රයෙකු බිහිකර ඔහුට සෙත් යන නම තැබුවාය. මක්නිසාද කායින් ආබෙල් මැරූ හෙයින් ඔහු වෙනුවට දෙවියන්වහන්සේ මට වෙන වංශයක් නියමකර දුන්සේකැයි ඈ කීවාය. සෙත්ටද පුත්‍රයෙක් උපන්නේය;
ඔහු එම දවසේ ලකුණක් දෙමින්: ස්වාමීන්වහන්සේ කී ලකුණ නම්, පූජාසනය පැළී එය පිට තිබෙන අලු විසර වැටීමයයි කීවේය.
එව්, ස්වාමීන්ගේ ක්‍රියාවන්, එනම් උන්වහන්සේ පොළොවෙහි සිදුකළ විනාශයන්, බලව්.
ස්වාමීන්වහන්සේ කී දේ උන්වහන්සේ ඉෂ්ටකරන බවට උන්වහන්සේගෙන් නුඹට ලැබෙන ලකුණ මේය:
නුඹලා එක්ව මන්ත්‍රණයකරන්න, ඒක නිෂ්ඵලවන්නේය; වචනය කථාකරන්න, ඒක ස්ථිර නොවන්නේය. මක්නිසාද දෙවියන්වහන්සේ අප සමඟ සිටිනසේක.
යූදාට වැද ගලා යටකරගන, බෙල්ල දක්වාම නගිනවා ඇත. එම්බා එම්මානුවෙල්, ඔහුගේ පියාපත් විහිදීමෙන් නුඹේ දේශය මුළුල්ලම පිරෙනවා ඇතැයි කීසේක.
මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.
උන්වහන්සේගේ දවස්වලදී යූදා ගළවනු ලබන්නේය, ඉශ්‍රායෙල්ද සුවසේ වසන්නේය. අපේ ධර්මිෂ්ඨකමවූ ස්වාමීන්වහන්සේය යන නාමය උන්වහන්සේට කියනු ලබන්නේය.
අහෝ පසුබටවන දුව, නුඹ කොපමණ කල් ඔබමොබ යන්නෙහිද? මක්නිසාද ස්වාමීන්වහන්සේ පොළොවෙහි අමුතු දෙයක් මවා තිබේ: ස්ත්‍රිය පුරුෂයා කෙරෙහි ඇලුම්ව බැඳෙන්නීය.
මාගේ වචන විපත්තිය පිණිස නුඹලා කෙරෙහි සැබවින්ම ස්ථිරවෙන බව නුඹලා දැනගන්න පිණිස මේ ස්ථානයේදී මා නුඹලාට දඬුවම්කරන බවට නුඹලාට ලැබෙන ලකුණ මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.
ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි.
බලව, නුඹ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නීය, උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න.
දේවදූතයා ඈට උත්තරදෙමින්: ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක, මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක.
රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බවන්නේය; මේක නුඹලාට ලකුණයයි කීවේය.
මෙසේ දාවිත් උන්වහන්සේට: ස්වාමීන්වහන්සේයයි කියයි, ඉඳින් උන්වහන්සේ ඔහුගේ පුත්‍ර වන්නේ කෙසේදැයි කීසේක.
තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසයකළසේක. පියාණන්වහන්සේ වෙතින් වූ ඒකජාතක පුත්‍රයාණන්වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දුටිමුව.
පියවරුද ඔවුන්ගේය, මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ පැමුණුණෙත් ඔවුන්ගෙන්ය; උන්වහන්සේ සියල්ලන්ටම උතුම්වූ සදාකාල ආශීර්වාදලත් දෙවියන්වහන්සේය. ආමෙන්.
දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංසයෙහි ප්‍රකාශවූසේක, ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක, දූතයන්ට පෙනුණුසේක, අන්‍යජාතීන් අතරේ ප්‍රකාශකරනු ලැබූසේක, ලෝකයෙහි අදහනු ලැබූසේක, තේජසට ඔසවාගනු ලැබූසේක.
ගිඩියොන් දෙවියන්වහන්සේට කථාකොට: ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්‍රායෙල් ගළවනසේක් නම්,
තවද අවුරුද්දක් යන තැනදී හන්නා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය; ඈ: මා ස්වාමීන්වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැයි කියා ඔහුට සාමුවෙල් යන නම තැබුවාය.
දෙවියන්වහන්සේගේ පෙට්ටිය අසුවූ නිසාද ඇගේ මාමණ්ඩියත් පුරුෂයාත් නිසාද ඈ: ඉශ්‍රායෙල් කෙරෙන් තේජස පහව ගියේය කියා දරුවාට ඊකාබොද් යන නම තැබුවාය.