ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය.
ඵල ලබාගන්නා පිණිසත්, ඔවුන් එහි වාසයකරවනසේක.
උන්වහන්සේද නුඹ පොළොවෙහි වපුරන නුඹේ බීජවලට වර්ෂාවද බිමේ අස්වැන්නෙන් කෑමද දෙනසේක, එය සාරවත්ව වර්ධනයවන්නේය. ඒ දවසෙහි නුඹේ සිව්පාවෝ විශාල ගොදුරු බිම්වල තෘණ කන්නෝය.
මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය.
මේ වනාහි නුඹට ලකුණක් වන්නේය, එනම් මේ අවුරුද්දේ ඉබේම හට ගන්නා ධාන්‍ය සහ දෙවෙනි අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනවා ඇත; තුන්වෙනි අවුරුද්දේ නුඹලා වපුරා කපාගන්න, මිදිවතුත් වවා ඒවායේ ඵල කන්න.
දේශය තමාගේ ඵලය දෙන්නීය, නුඹලා තෘප්තියට පැමිණෙනතෙක් කා එහි සුවසේ වාසයකරන්නහුය.
මමද නුඹලාට මෙසේ කරන්නෙමි: මම නුඹලා කෙරෙහි භය එනම් ඇස් ක්ෂය කරන්නාවූ, ප්‍රාණය හීනකරන්නාවූ, ක්ෂයරෝගයද උණද පමුණුවන්නෙමි. නුඹලා නිෂ්ඵලයේ බීජ වපුරන්නහුය, මක්නිසාද නුඹලාගේ සතුරෝ ඒවා කන්නෝය.
මම මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ගේ වහල්කම පහකරන්නෙමි, ඔවුන් විනාශවී තිබෙන නුවරවල් ගොඩනගා එහි වාසය කරනවා ඇත; මිදිවතු වවා ඒවායේ මුද්‍රිකපානය බොනවා ඇත; වතුද වවා ඒවායේ ඵල කනවා ඇත.