ඔබගේ ඇඳුම් රතුව, ඔබගේ වස්ත්‍ර මුද්‍රික පැස පාගන්නෙකුගේ ඇඳුම් මෙන් තිබෙන්නේ මක්නිසාද?
ඔහු තමාගේ කොටළු පැටවා මුද්‍රික වැලේද තමාගේ කොටළු වස්සා සාරවූ මුද්‍රික වැලේද බඳිමින් තමාගේ වස්ත්‍ර මුද්‍රිකපානයෙන්ද තමාගේ සළුව මුද්‍රික යුසයෙන්ද සේදුවේය.
උන්වහන්සේ යුද්ධ සැට්ටයක් කොට ධර්මිෂ්ඨකමද තමන් හිසේ ගැළවීම නැමති තොප්පියද පැළඳගත්සේක; තවද ඇඳුම පිණිස පළිගැනීම නැමති වස්ත්‍ර පැළඳගෙන, ජ්වලිතකම සළුවක්කොට පෙරවාගන සිටිසේක.
ඒදොමේ සිට දීප්තිමත් රතු ඇඳුම් ඇතුව, තමාගේ වස්ත්‍රවලින් ඉසුරුමත්ව, තමාගේ මහත් බලයෙන් ගමන්කොට, බොශ්රායෙන් එන්නාවූ මේ තෙම කවුද? ධර්මිෂ්ඨකමින් කථාකරන්නාවූ ගළවන්ට බලවත්වූ මමය.
මා ජීවමාන බව සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක: මම නුඹ ලෙයට සූදානම්කරන්නෙමි, ලේද නුඹ පස්සේ එළවාගෙන එනවා ඇත. නුඹ ලේ වැගිරවීමට ද්වේෂ නොකළ බැවින්, ලේ එළවාගෙන එනවා ඇත.
එවිට දේවදූතයා තමාගේ දෑකැත්ත පොළොවට හෙළා, පොළොවේ මිදිපල රැස්කොට, දෙවියන්වහන්සේගේ උදහස නමැති මහත් මිදිපැසට හෙළුවේය.
තවද උන්වහන්සේ ලේ ඉසිනු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටිසේක. උන්වන්සේගේ නාමය දෙවියන්වහන්සේගේ වාක්‍යයාණෝයයි කියනු ලැබේ.
ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නමැති මුද්‍රිකපැස මඩිනසේක.