Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙසායා 61:8

Sinhala Revised Old Version

මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම යුක්තියට ප්‍රියව, අධර්මිෂ්ඨකමින් කොල්ලකෑමට ද්වේෂකරමි; ඉන් නිසා මම ඔවුන්ගේ විපාකය සැබෑකමින් දෙන්නෙමි, සදාකාල ගිවිසුමක්ද ඔවුන් සමඟ කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

34 හුවමාරු යොමු  

නුඹටද නුඹෙන් පසුව නුඹේ වංශයටද දෙවියන්වහන්සේ වන පිණිස මාද නුඹ සහ නුඹෙන් පසුව නුඹේ වංශයද අතරෙහි ඔවුන්ගේ පරම්පරාවන්හි සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි.

සැබවින් මාගේ වංශය දෙවියන්වහන්සේ ඉදිරියෙහි එසේම පවතිනු නොවේද? මක්නිසාද සියල්ල ගැන නියම ලෙස ස්ථිරකර තිබෙන සදාකාල ගිවිසුමක් උන්වහන්සේ මා සමඟ කළසේක. ඒ මාගේ මුළු ගැළවීමත් මාගේ මුළු ප්‍රසන්නයත් වේ. උන්වහන්සේ එය වැඩෙන්ට නොසලස්වනසේක්ද?

එය උන්වහන්සේ යාකොබ්ට පනතක්ද ඉශ්‍රායෙල්ට සදාකාල ගිවිසුමක්ද කොට ස්ථිරකරමින්:

මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨසේක; උන්වහන්සේ ධර්මිෂ්ඨකමට ප්‍රියවනසේක. අවංක අය උන්වහන්සේගේ මුහුණ දකින්නෝය.

ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමිතිකම් දෙන්නෙමි.

උන්වහන්සේ ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රියවනසේක. පොළොව ස්වාමීන්ගේ කරුණා ගුණයෙන් පූර්ණය.

මක්නිසාද ස්වාමීන්වහන්සේ යුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක; ඔව්හු සදාකල් ආරක්ෂාකරනු ලබති. නුමුත් දුෂ්ටයන්ගේ වංශය සිඳිනු ලබන්නේය.

ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව, දුෂ්ටකමට ද්වේෂකළසේක. එබැවින් දෙවියන්වහන්සේ, ඔබගේ දෙවියන්වහන්සේ, ඔබගේ පංගුකාරයන්ට වඩා ඔබ සන්තෝෂ නමැති තෛලයෙන් ආලේපකළසේක.

පූජා කරණකොටගෙන මා සමඟ ගිවිසුමක් කළාවූ මාගේ ශුද්ධවන්තයන් මා වෙතට රැස් කරව්.

බලාත්කාරකම කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම ගැන අහංකාර නොවව්. වස්තු වැඩිවුණොත් ඒවා කෙරෙහි සිත නොතබව්.

රජ්ජුරුවන්ගේ ශක්තිය වනාහි යුක්තියට ප්‍රියවෙයි; සාධාරණකම පිහිටුවන්නේ ඔබය, යාකොබ්හි යුක්තියත් ධර්මිෂ්ඨකමත් සිදුකරන්නේ ඔබය.

නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලාකරනවා ඇත.

මට ප්‍රේමවෙන්නන්ට වස්තුව උරුමකරදෙන්ටද, ඔවුන්ගේ ගබඩා පුරවන්ටද,

මම විනිශ්චය ලනුවද ධර්මිෂ්ඨකම ලඹයද කොට පාවිච්චිකරන්නෙමි. බොරුවේ රක්ෂාස්ථානය ගල් වර්ෂාවට පහවන්නේය, සැඟවෙන ඉඩමද වතුරට යටවන්නේය.

එබැවින් ස්වාමීන්වහන්සේ නුඹලාට කරුණාකරන්ට බලා සිටිනසේක. නුඹලාට අනුකම්පාකරන්ට නැගිටිනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ විනිශ්චයේ දෙවිකෙනෙක්ය; උන්වහන්සේ ගැන බලාසිටින සියල්ලෝම වාසනාවන්තයෝය.

නුමුත් සේනාවල ස්වාමීන්වහන්සේ විනිශ්චය කරණකොටගෙන උසස්වනසේක. ශුද්ධ තැනන්වහන්සේ වන දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨකම කරණකොටගෙන ශුද්ධ බව ප්‍රකාශවෙයි.

මක්නිසාද කඳු පහවයන්නේය, හෙල්ද සොලවනු ලබන්නේය; නුමුත් මාගේ කරුණාව නම් නුඹෙන් පහ නොවන්නේය, මාගේ සමාදාන ගිවිසුමද සොලවනු නොලබන්නේයයි නුඹට අනුකම්පාකරන ස්වාමීන්වහන්සේ කියනසේක.

නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.

ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා යුක්තිය පවත්වා ධර්මිෂ්ඨකම් කරන්න. මක්නිසාද මාගේ ගැළවීම පැමිණෙන්ටත් මාගේ ධර්මිෂ්ඨකම එළිදරව්වෙන්ටත් ළඟය.

මක්නිසාද මා විසින් සාදන අලුත් අහසත් අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

මම ඔවුන් වෙතින් අහකට නොහැරී, ඔවුන්ට යහපත කරන හැටියට ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක් කොට, ඔවුන් මා වෙතින් අහක්ව නොයන ලෙස මා කෙරෙහි භයවීම ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.

නුමුත් පාරට්ටුකරගන්නා පොළොවෙහි කරුණාවත් විනිශ්චයත් ධර්මිෂ්ඨකමත් පවත්වන ස්වාමීන්වහන්සේ මමයයි තේරුම්ගෙන, මා දැනගැනීම නම්වූ කාරණය ගැනම පාරට්ටුකරගනීවා. මක්නිසාද මා ප්‍රියවෙන්නේ මේ දේවලටයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

එහෙත් මා විසින් නුඹේ බාල කාලයේදී නුඹ සමඟ කළාවූ මාගේ ගිවිසුම සිහිකොට, සදාකාල ගිවිසුමක් නුඹ සමඟ පිහිටුවන්නෙමි.

මම ඔවුන් සමඟ සමාදාන ගිවිසුමක් කරන්නෙමි; ඔවුන්ට සුවසේ කාන්තාරයෙහි වසන්ටත් කැලෑවල නිදාගන්ටත් පුළුවන්වන ලෙස මම චණ්ඩ මෘගයන් දේශයෙන් පහකරන්නෙමි.

තවද: මෙය කොපමණ මහත් වෙහෙසක්දැයි කියා නුඹලා එය සුළුකළහුයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; තවද කොල්ලකාගත්තාවූද කොරවූද ලෙඩවූද සතුන් නුඹලා ගෙනාවහුය; මෙසේ නුඹලා ගෙනැවිත් ඔප්පුකරන්නහුය. මම නුඹලාගේ අත්වලින් එය පිළිගනිම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.

ස්වාමීන්වහන්සේද නුඹලාගේ සිත් දෙවියන්වහන්සේගේ ප්‍රේමයටත් ක්‍රිස්තුස්වහන්සේගේ ඉවසීමටත් පමුණුවන සේක්වා.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්