එවිට මම: ස්වාමීන්වහන්ස, කොපමණ කලකටදැයි ඇසුවෙමි. උන්වහන්සේද: වැසියෙක් නැතිව නුවරවල්ද මනුෂ්‍යයෙක් නැතිව ගෙවල්ද පාළුවීමත්, දේශය මුළුමනින්ම පාළුවීමත්,
දෙවියන්වහන්ස, එදිරිකාරයා නින්දා කරන්නේ කොපමණ කල්ද? සතුරා ඔබගේ නාමයට සදාකල් අපහාසකරන්නේද?
ස්වාමිනි, කොපමණ කල් ඔබ නිරන්තරයෙන් උදහස්ව සිටිනසේක්ද? ඔබගේ ජ්වලිතය ගින්න මෙන් දැවෙන්නේද?
ස්වාමිනි, හැරී අවමැනව; කොපමණ කල්ද? ඔබගේ මෙහෙකරුවන් ගැන තැවුණ මැනව.
ස්වාමිනි, දුෂ්ටයෝ කොපමණ කල්, දුෂ්ටයෝ කොපමණ කල් ජය ඝෝෂා කරන්නෝද?
නුඹලාගේ දේශය පාළුවී තිබේ; නුඹලාගේ නුවරවල් ගින්නෙන් දවා දමා තිබේ; නුඹලාගේ භූමිය නුඹලා ඉදිරියේදී විදේශියෝ නාස්තිකෙරෙති, ඒක විදේශීන්ගේ වැනසීමක් ලෙස පාළුවක් වී තිබේ.
මම මනුෂ්‍යයෙකු අමිශ්‍ර රනට වඩා එනම් ඕපීර්හි පවිත්‍ර රත්රන්වලට වඩා දුර්ලභවන්ට සලස්වන්නෙමි.
ඇගේ දොරටු වැලපෙන්ටත් හඬන්ටත් යෙදෙනවා ඇත; ඈ අසරණව බිම හිඳගන්නවා ඇත.
මක්නිසාද ස්වාමීන්වහන්සේගේ තේජාන්විත ඇස් උදහස්කරවන පිණිස ඔවුන්ගේ දිවත් ක්‍රියාත් උන්වහන්සේට විරුද්ධව තිබෙන බැවින්, යෙරුසලම නාස්තිවී යූදා වැටී තිබේ.
මක්නිසාද මාළිගාව පාළුවී ජනගහනවූ නුවර අත්හරිනු ලබන්නේය; හෙළත් මුරකොටුවත් හැමකාලයටම ගුහාවල්ද වල් කොටළුවන්ට ප්‍රීතියක්ද රැළවලට තෘණ බිම්ද වන්නේය.
වනාන්තරයද වියළි දේශයද ප්‍රීතිවන්නේය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය.
සැබවින්ම මහත්වූ අලංකාරවූ බොහෝ ගෙවල් වැසියන් නැතුව පාළුවන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ මාගේ කන්වලට කියනසේක.
කිසිවෙක් නුඹ ළඟින් නොයන ලෙස නුඹ අත්හරිනු ලැබ වෛරය විඳිනවා වෙනුවට, මම නුඹ සදාකාල උතුම්කමක්ද පරම්පරාවෙන් පරම්පරාවට ප්‍රීතියක්ද කරන්නෙමි.
ඔබවහන්සේගේ ශුද්ධ නුවරවල් කාන්තාරයක්වී, සියොන් කාන්තාරයක්වී, යෙරුසලම පාළුවී තිබේ.
මක්නිසාද යූදාහි රජුගේ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ මට ගිලියද් සහ ලෙබනොන් මුදුන වාගේ නුමුත් සැබවින්ම මම නුඹ කාන්තාරයක්ද වැසියන් නැති නුවරවල්ද කරන්නෙමි.
සිංහයෙක් තමාගේ කැලෑවෙන් නික්මුණේය; ජාතීන් නාස්තිකරන්නෙක්ද නික්ම ගියේය; නුඹේ දේශය පාළුකරන පිණිස ඔහු තමාගේ ස්ථානයෙන් පිටත්වී ගමන්කරන්නේය; වැසියෙක් නොසිටින හැටියට නුඹේ නුවරවල්ද විනාශවන්නේය.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මා විසින් යෙරුසලම පිටටත් යූදාහි සියලු නුවරවල් පිටටත් පැමිණෙවු සියලු විපත්ති නුඹලා දුටුවහුය; බලව, අද ඒවා පාළුවක් වී තිබේ, කිසිවෙක් එහි නොවසයි.
බබිලෝනියේ රජ හමාත් දේශයේ රිබ්ලාහිදී ඔවුන්ට පහරදී ඔවුන් මැරුවේය. මෙසේ යූදාවරු තමුන්ගේ දේශයෙන් වහල්කමට ගෙනයනලද්දෝය.
නුඹලාගේ පූජාසන පාළුවී, නාස්තිවී, නුඹලාගේ දේවරූප කඩාදමනු ලැබ නැතිවී, නුඹලාගේ සූර්යරූප කඩාදමනු ලැබ, නුඹලාගේ කර්මාන්ත මැකීයන පිණිස, නුඹලාගේ සියලු වාසස්ථානවල නුවරවල් නටබුන්වන්නේය, උස්තැන්ද පාළුවන්නේය.
එවිට ශුද්ධවන්තයෙක් කථාකරනවා ඇසීමි; තවත් ශුද්ධවන්තයෙක් කථාකළ තැනැත්තාට කියනුයේ: දවස්පතා පූජාවත් නාස්තිකරන අපරාධයත් ගැන පෙනුණු දර්ශනයේ හැටියට ශුද්ධස්ථානය සහ සේනාවත් පාගාදැමීමට කොපමණ කල් යනවා ඇද්දැයි ඇසුවේය.
මම නුඹලාගේ නුවරවල් පාළුවක් කොට නුඹලාගේ ශුද්ධස්ථාන නටබුන් බවට පමුණුවන්නෙමි, නුඹලාගේ මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.
මම ජාතීන් අතරෙහි නුඹලා විසුරුවා නුඹලා පස්සෙන් කඩුව ඇදගන එන්නෙමි. නුඹලාගේ දේශය නාස්තියක්ද නුඹලාගේ නුවරවල් පාළුවක්ද වන්නේය.
ඒ කාලයේදී ඔවුන් නුඹලා ගැන උපමාවක් කියමින්ද දුක්මුසුවූ ළතෝනියකින් ළතෝනි කියමින්ද: අපි සහමුලින්ම නාස්තිවුණෙමුව. උන්වහන්සේ මාගේ සෙනඟගේ කොටස මාරුකරනසේක. ඒක මාගෙන් පහකරන හැටි! කැරළිකාරයන්ට උන්වහන්සේ අපේ කෙත් බෙදාදෙනසේකැයි කියනවා ඇත.
නුඹේ දේශයේ නුවරවල් සිඳදමා, නුඹේ සියලු බලකොටු බිඳදමන්නෙමි.
එබැවින් මමත් නුඹට තදලෙස පහරදී, නුඹේ පාප නිසා පාළුකෙළෙමි.
නුමුත් දේශය එහි වැසියන් නිසා එනම් ඔවුන්ගේ ක්‍රියාවල ඵල නිසා පාළුවන්නේය.
නුඹලා අහසේ තාරකා මෙන් වැඩිවී සිටිය නුමුත්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කන්නුදුන් බැවින් නුඹලා ස්වල්ප ගණනක්ව ඉතිරි වන්නාහුය.
තවද නුඹලාට යහපත කරන්ටත් නුඹලා වැඩිකරන්ටත් ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන්, නුඹලා විනාශකොට නැතිකරන්ට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක; නුඹ විසින් හිමිකරගැනීමට ඇතුල්වෙන දේශයෙන්ද නුඹලා උදුරාදමනු ලබන්නහුය.