නුඹේ කොටස තිබෙන්නේ මිටියාවතේ සිනිඳු ගල් අතරෙහිය; ඒවාම නුඹේ කොටසය. ඒවාට නුඹ පාන පූජාවක් වගුරුවා ආහාර පූජාවක්ද ඔප්පුකෙළෙහිය. මේ දේවල් තිබියදී මා නිශ්චලව සිටින්නේ කොහොමද?
නුමුත් ස්වාමීන්වහන්සේ, අත්හැර, මාගේ ශුද්ධ කන්ද සිහිනැති කර, ශ්‍රීකාන්තාවට මේසයක් පිළියෙළ කරන්නාවූ, මිශ්‍රවූ මද්‍යපානය ඉරණම නම් දේවතාවීට පුරවා දෙන්නාවූ තැනැත්තෙනි,
ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.
යම් යම් පියසි උඩ මුළු අහස් සේනාවට සුවඳ දුම් ඔප්පුකරන්ටත් අන් දෙවිවරුන්ට පාන පූජා වගුරුවන්ටත් යෙදුණේද, අපවිත්‍රවූ ඒ සියලු ගෙවල් වන යෙරුසලමේ ගෙවල්ද යූදාහි රජවරුන්ගේ ගෙවල්ද තෝපෙත් යන ස්ථානය මෙන් වන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඇගේ වේශ්‍යාකමේ නින්දිතකමින් ඈ දේශය පිළිකුල් කළාය, ඈ ගල් සහ දඬු සමඟ කාමමිථ්‍යාචාරය කළාය.
මේ නුවරට විරුද්ධව යුද්ධකරන කල්දිවරු ඇවිත් මේ නුවර ගිනිලා, ඒකත්, මා කෝපකරවන ලෙස යම් යම් ගෙවල පියසි උඩ බාල්ට සුවඳ දුම් ඔප්පුකරන්ටත් අන් දෙවිවරුන්ට පාන පූජා වගුරුවන්ටත් යෙදුණේද, ඒ ගෙවලුත් දවා දමන්නෝය.
මේ කාරණා නිසා මම දඬුවම් නොකරන්නෙම්ද? මෙවැනි ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මේ කාරණා නිසා මම දඬුවම් නොකර සිටින්නෙම්ද? මෙබඳු ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මා කෝපකරවන ලෙස අහස්දේවීහට කැවුම් සෑදීමටත් අන් දෙවිවරුන්ට පානපූජා වැගිරවීමටත් දරුවෝ දර එක්කරති, පියවරු ගිනිමොළවති, ස්ත්‍රීහුද පිටි අනති.
මේ කාරණා නිසා මා විසින් ඔවුන්ට දඬුවම්කරන්ට ඕනෑ නොවේද? මෙවැනි ජාතියකින් මාගේ ආත්මය පළිනොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා වනාහි ගොස් එකිනෙකා තම තමාගේ දේවරූපවලට සේවයකරන්න, නුඹලා මට ඇහුම්කන්දෙන්නේ නැත්නම් පසුත් එසේ කරන්න. නුමුත් නුඹලා මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින්ද නුඹලාගේ දේවරූපවලින්ද තවත් කෙලසන්නේ නැත.
ලීයට: පිබිදියන්න කියාත් ගොළු ගලට: නැගිටින්න කියාත් කියන්නාට දුක්වේ! ඒක උගන්වනවා ඇද්ද? අන්න, ඒක රනිනුත් රිදීයෙනුත් වසා තිබේ. කිසි හුස්මක් ඒක තුළ ඇත්තේම නැත.