Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙසායා 56:9

Sinhala Revised Old Version

වනයේ සියලු සත්වයෙනි, කැලෑවෙහි සියලු සත්වයෙනි, කාදමන්ට එන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

ඔබ අඳුර පමුණුවනසේක, එවිට රෑවේ; එකල වනයේ සියලු මෘගයෝ බැහැරයති.

ඒවා කඳුවල ගිජු පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් එකසේ අත්හරිනු ලබන්නේය. ඒවා අතරෙහි පක්ෂීහු ග්‍රීෂ්ම කාලයද ඒවා අතරෙහි පොළොවේ සියලු මෘගයෝ ශීත කාලයද පසුකරන්නෝය.

මම නැගෙනහිරින් ගිජු පක්ෂියෙක්ද දුර දේශයකින් මාගේ මන්ත්‍රණයේ මනුෂ්‍යයාද කැඳවාගන්න තැනන්වහන්සේය. එසේය, මම කියා තිබෙන්නාක්මෙන්ම ඒක පමුණුවන්නෙමි, මම යෝජනාකර තිබෙන්නාක්මෙන්ම ඒක කරන්නෙමි.

මට මාගේ උරුමය මස් කන ලප ඇති පක්ෂියෙකු මෙන් වේද? ගිජු පක්ෂීහු ඈට විරුද්ධව අවටින් සිටිත්ද? ගොස් වනයේ සියලුම සතුන් රැස්කොට ගොදුරු පිණිස ගෙනෙන්න.

මාගේ ගොදුරු බිමේ බැටළුවන් නැතිකරන්නාවූ විසුරුවාදමන්නාවූ එඬේරුන්ට දුක්වේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

මම නුඹ සහ නුඹේ ගංගාවල සියලු මත්ස්‍යයන්ද කාන්තාරයෙහි හෙළා දමන්නෙමි. නුඹ පොළොව මතුපිට වැටී ඇහිඳිනු නොලබන්නෙහිය. නුඹ පොළොවේ මෘගයන්ටද ආකාශයේ පක්ෂීන්ටද කෑම පිණිස දුනිමි.

මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ වනාහි සියලු ආකාර පක්ෂීන්ටද වනයේ සියලු මෘගයන්ටද කථාකොට–තෙපි රැස්වී වරෙව්; මා විසින් ඉශ්‍රායෙල් කඳු පිට තොප උදෙසා ඔප්පුකරන මහත් පූජාවක් වන මාගේ පූජාවට වටකරින් එකතුවී මස් කා ලේ බොව්.

නුඹේ මළකඳ ආකාශයේ සියලු පක්ෂීන්ටද භූමියේ සියලු මෘගයන්ටද ගොදුරු වන්නේය, කිසිවෙක් උන් භයගන්වා නොඑළවන්නේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්