යෙරුසලමේ පාළු ඉඩම්, ප්‍රීතියෙන් ඝෝෂාකරමින් එක්ව ගී කියව්. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සනසා, යෙරුසලම මුදාගන තිබේ.
ස්වාමීන්වහන්සේ ස්වකීය ශුද්ධවූ උසස්ථානයේ සිට පහළ බැලූසේක; උන්වහන්සේ ස්වර්ගයේ සිට පොළොව බැලූසේක.
පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීති නාද පවත්වව්. ශබ්දනගා ප්‍රීතියෙන් ගී කියව්, එසේය ප්‍රශංසා ගී කියව්.
එම්බා සියොන් වැසිය, ශබ්ද පවත්වා මොරගසන්න; මක්නිසාද නුඹ මධ්‍යයෙහි ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ උතුම්ව සිටිනසේක.
මුළු පොළොව නිෂ්කලංකව නිශ්චලව තිබේ; මනුෂ්‍යයෝ ගී කියමින් මොරගසති.
මාගේ සෙනඟ සනසන්න, සනසන්නැයි නුඹලාගේ දෙවියන්වහන්සේ වදාරනසේක.
එම්බා යාකොබ්, නුඹ මැවුවාවූද එම්බා ඉශ්‍රායෙල්, නුඹව සෑදුවාවූද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: භය නොවෙන්න, මක්නිසාද මම නුඹ මුදාගතිමි; නුඹේ නම කියා හඬ ගැසීමි, නුඹ මාගේය.
මම නුඹේ අපරාධ වලාපටළයක් මෙන්ද නුඹේ පාප වලාකුළක් මෙන්ද මකාදැමුවෙමි. මා වෙතට හැරී එන්න; මක්නිසාද මම නුඹ මිදුවෙමි.
ස්වර්ගයෙනි, ගී කියන්න, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කළසේක; පොළොවේ පහත් තැන් ඝෝෂාකරන්න; කඳුද වනයද එහි සියලු ගස්ද යන නුඹලා ප්‍රීතියෙන් ශබ්ද නගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ යාකොබ් මිදූසේක, ඉශ්‍රායෙල් කරණකොටගෙන ගෞරව ලබාගන්නසේක.
මම වනාහි තමන් මෙහෙකරුවාගේ වචනය ස්ථිරකරන්නාවූ, තමන් පණිවිඩකාරයන්ගේ මන්ත්‍රණය ඉෂ්ටකරන්නාවූ, වැසියෝ එහි සිටින්නෝය කියා යෙරුසලම ගැනද, ගොඩනගනු ලැබේය කියා යූදාහි නුවරවල් ගැනද: එහි පාළු ඉඩම් උස්සන්නෙමියි කියාද කියන්නාවූ තැනන්වහන්සේය.
බබිලෝනියෙන් පිටතට යන්න, කල්දිවරුන් වෙතින් දුවන්න; ප්‍රීතිමත් හඬින් මෙය දන්වා, ප්‍රකාශකර, පොළොවේ කෙළවර දක්වා එය පතළ කරන්න. එනම්: ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවාවූ යාකොබ් මිදූසේක.
ස්වර්ගයෙනි, ගීකියන්න; පොළොව, ප්‍රීතිමත්වෙන්න; එම්බා කඳු, ප්‍රීතියෙන් ශබ්දනගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සැනසූසේක, තමන්ගේ දුක්ඛිතයන්ටද අනුකම්පාකරනසේක.
නුඹලා සනසන්නේ මමමය. නැසී යන මනුෂ්‍යයාටත් තෘණ මෙන් පහව යන මනුෂ්‍ය පුත්‍රයාටත් භයවෙන්ටද නුඹේ මැවුම්කාරවූ,
මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද කළසේක; ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද එහි සම්බවේ.
මක්නිසාද නුඹලා ප්‍රීතියෙන් පිටත්ව සමාදානයෙන් ගෙනයනු ලබන්නහුය. නුඹලාට ඉදිරියෙන් කඳු හා හෙල් ගී නාදකරන්නෝය, වනයේ සියලු ගස් අත්පොළසන් දෙන්නෝය.
ඔව්හු පරණ නටබුන් ඉඩම් ගොඩනගන්නෝය, ඉස්සර කාලයේ නටබුන්වූ තැන් හරිගස්සන්නෝය, නාස්තිවී පරම්පරාවෙන් පරම්පරාවට පාළුවට ගොස් තිබුණු නුවරවල් අලුත්වැඩියාකරන්නෝය.
ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක්වූසේක, උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැළෙවුවේය. උන්වහන්සේ තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදා, පුරාණයේ සියලුම දවස්වල ඔවුන් උසුලා ගෙන ගියසේක.
සියොන් දුව, බිහිකරන ස්ත්‍රියෙකු මෙන් වේදනා විඳ බිහිකරන්න. මක්නිසාද නුඹ දැන් නගරයෙන් පිටතට ගොස් එළියේ වාසයකොට, බබිලෝනියට පැමිණෙන්නීය; එහිදී නුඹ නිදහස්කරනු ලබන්නීය; එහිදී ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන්ගේ අතින් නුඹ මුදාගන්නසේක.
මක්නිසාද: දරුවන් බිහිනොකරන වඳ තැනැත්තිය, ප්‍රීතිවෙව; බිහිකරන වේදනා නොවිඳන තැනැත්තිය, ශබ්දනගා මොරගසව. මක්නිසාද පුරුෂයා ඇති තැනැත්තියට වඩා අත්හරිනු ලැබූ තැනැත්තියට දරුවෝ බොහෝයයි ලියා තිබේ.