Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙසායා 42:9

Sinhala Revised Old Version

බලව, පළමු කී දේවල් මෙන්න සිද්ධවී තිබේ, මම අමුතු දේවල් දන්වමි. ඒවා හටගන්ට පළමුවෙන් ඒවා නුඹලාට ප්‍රකාශකරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

16 හුවමාරු යොමු  

මාගේ නාමය තබන්ට මා විසින් තෝරාගත් නුවරවූ යෙරුසලමේ මාගේ මෙහෙකරුවූ දාවිත්ට මා ඉදිරියෙහි නිතරම පහනක් තිබෙන පිණිස මම ඔහුගේ පුත්‍රයාට එක ගෝත්‍රයක් දෙන්නෙමි.

බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි.

පළමු කාරණා පූර්වයේ පටන් දැන්වීමි; එසේය, ඒවා මාගේ මුඛයෙන් නික්මුණේය, මමද ඒවා ප්‍රකාශකෙළෙමි. මම ඒවා හදිසියෙන් කෙළෙමි, ඒවා සිදුවුණේය.

මම පූර්වයේ පටන් නුඹට දන්වා, එය පැමිණෙන්ට පළමුවෙන් නුඹට ප්‍රකාශකෙළෙමි. එසේ කළේ: මාගේ දේව රූපය ඒවා කෙළේය කියාද මාගේ කැටයම් රූපය සහ මාගේ වාත්තු පිළිමයත් ඒවා නියම කෙළේය කියාද නුඹ නොකියන පිණිසය.

නුඹ එය අසා තිබේ; මේ සියල්ල බලන්න; නුඹලාත් දන්වන්නේ නැද්ද? මෙතැන් පටන් අමුතු දේවල්ද නුඹ නොදන්නාවූ සඟවා තිබෙන දේවල්ද නුඹට ප්‍රකාශකරමි.

ඒක සිද්ධවුණාම මම උන්වහන්සේමයයි නුඹලා විශ්වාසකරන පිණිස ඒක පැමිණෙන්ට පළමුවෙන් මෙවක් පටන් නුඹලාට කියමි.

ලෝකයේ පටන්ගැන්මේ සිට මේ සියල්ල දන්වන්නාවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියනලද්දේය.

ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් වංශයට කී යහපත් දෙයින් කිසිවක් අත්නෑරී සියල්ලම සිදුවුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්