බිහිරෙනි, අසන්න; අන්ධයෙනි, දකින පිණිස බලන්න.
එවිට ස්වාමීන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුවෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත් යමෙකුට පෙනෙන්ට හෝ අන්ධවෙන්ට හෝ සලස්වන්නෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවේද?
අසන කනද දකින ඇසද යන දෙකම ස්වාමීන්වහන්සේ සෑදූසේක.
ඒ දවසෙහි බිහිරන් පොතේ වචන අසනවා ඇත, කළුවරෙහිත් අන්ධකාරයෙහිත් සිටින අන්ධයන්ගේ ඇස්ද පැහැදෙනවා ඇත.
එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය.
ඇස් ඇති අන්ධ සෙනඟද කන් ඇති බිහිරන්ද පිටතට ගෙනෙන්න.
උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ඇසූ දුටු දේ ගොස් යොහන්ට දන්වන්න; බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, අන්ධයෝ පෙනීම ලබති. කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍රකරනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.