ඔහු ඔවුන් ලුහුබඳවා, ඊට ප්‍රථම තමාගේ පාදවලින් නොගිය මාර්ගයකින් සුවසේ යන්නේය.
මෙසේ නුඹේ කූඩාරම සමාදානයෙන් තිබෙන බව නුඹ දැනගන්නෙහිය; නුඹේ ගාල බලන්ට ගිය කල කිසිවක් නැතිනුවූ බවද දකින්නෙහිය.
පෙරදිගින් කෙනෙකු නැගුටුවා ධර්මිෂ්ඨකමින් තමන්ගේ පාමුලට කැඳවාගත්තේ කවුද? උන්වහන්සේ ඔහු ඉදිරියේ ජාතීන් පාවාදී, ඔහු ලවා රජුන් ආණ්ඩුකරවනසේක; උන්වහන්සේ ඔහුගේ කඩුවට ධූලි මෙන්ද ඔහුගේ දුන්නට හුළඟින් ගසාගනයන ඉපනැලි මෙන්ද ඔවුන් පාවාදෙනසේක.
පටන්ගැන්මේ සිට පරම්පරාවලට කැඳවමින් කාරණා හසුරුවා ඉෂ්ටකළේ කවුද? පළමුවෙනියාවූ, අන්තිමයන් සමඟත් සිටින්නාවූ ස්වාමීන්වහන්සේ වන මමය, මම ඒ තැනන්වහන්සේය.
ඔහු සමාදානයට පැමිණෙයි; තමුන්ගේ අවංකකමින් හැසිරෙන්නෝ තමුන්ගේ යහන්වල නිශ්චලව සිටින්නෝය.