Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙසායා 41:18

Sinhala Revised Old Version

මම මුඩු කඳු මුදුන්වල ගංගාද මිටියාවත් මැද උල්පත්ද විවරකරන්නෙමි. කාන්තාරය දිය පොකුණක්ද වියළි දේශයන් ජල උල්පත්ද කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

24 හුවමාරු යොමු  

උන්වහන්සේ මිටියාවත්වලට උල්පත් යවනසේක. ඒවා කඳු අතරේ ගලායයි.

උන්වහන්සේ පර්වතය විවරකළසේක, ජලය පැනනැගී, ගංගාවක් මෙන් වියළි ස්ථානවල ගලාගියේය.

උන්වහන්සේ කාන්තාරයක් දිය පොකුණක්ද වියළි බිමක් දිය උල්පත්ද කරනසේක.

ස්වාමිනි, අපෙන් වහල්ව සිටින්නන් දකුණු දිසාවේ ඇළවල් මෙන් ආපසු ගෙන අව මැනව.

ගංගාවක් ඇත, එහි දියපාරවල් මහෝත්තමයාණන්ගේ මණ්ඩපවල ශුද්ධස්ථානය වන දෙවියන්වහන්සේගේ නුවර ප්‍රීතිමත්කරයි.

එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.

බලකොටු වැටෙන මහත් මරාදැමීමේ දවසේ සියලු උස්කඳු පිටත් සියලු උස් හෙල් පිටත් ඔයවල් සහ වතුර දොළවල් වන්නේය.

මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය.

එසේය, එහි ස්වාමීන්වහන්සේ මහිමයෙන් යුක්තව අප සමඟ වනසේක, එය පළල් ගංගා සහ ඔයවල් ඇති ස්ථානයක්ය; හබල්වලින් පදින නැවක් එහි නොයන්නේය, මහ නෞකාවක්ද ඒ ළඟින් යාත්‍රා නොකරන්නේය.

වනාන්තරයද වියළි දේශයද ප්‍රීතිවන්නේය; කාන්තාරය ප්‍රීතිමත්වී සෙව්වන්දී මෙන් මල් දරන්නේය.

මක්නිසාද පිපාස ඇත්තා කෙරෙහි වතුරද වියළි භූමිය කෙරෙහි ජලධාරාද වගුරුවන්නෙමි. නුඹේ වංශය කෙරෙහි මාගේ ආත්මයද නුඹේ දරුවන් කෙරෙහි මාගේ ආශීර්වාදයද වගුරුවන්නෙමි.

උන්වහන්සේ ඔවුන් කාන්තාරය මැදින් ගෙනගිය විට ඔවුන්ට පිපාසාවුණේ නැත. උන්වහන්සේ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්ට සැලැස්වූසේක. උන්වහන්සේ පර්වතය විවරකළ විට වතුර ගලා ආයේයයි කියන්න.

ස්වාමීන්වහන්සේ නිතරම නුඹට මගපෙන්වා, වියළි තැන්වලදී නුඹේ ප්‍රාණය තෘප්තියට පමුණුවා, නුඹේ ඇටද ශක්තිමත්කරනසේක; නුඹ වතුර ඇති උයනක් මෙන්ද දිය සිදී නොයන උල්පතක් මෙන්ද වන්නෙහිය.

එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මාගේ මෙහෙකරුවන්ට කන්ට තිබෙද්දී නුඹලාට බඩගිනි වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන්ට බොන්ට තිබෙද්දී නුඹලාට පිපාසා වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන් ප්‍රීතිවෙද්දී නුඹලාට ලජ්ජාව ඇතිවන්නේය.

ඒ කාලයෙහි කඳුවලින් මිදි පැන් වැගිරෙනවා ඇත, හෙල්වලින් කිරි ගලනවා ඇත, යූදාහි සියලු ඔයවල වතුර ගලා යනවා ඇත; ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් උල්පතක් නික්ම ෂිට්ටීම් මිටියාවතට වතුර දෙනවා ඇත.

ඒ කාලයෙහි ජීවමාන වතුර යෙරුසලමෙන් නික්ම, එයින් කොටසක් නැගෙනහිර මුහුදටත් කොටසක් බස්නාහිර මුහුදටත් ගලායනවා ඇත. ග්‍රීෂ්ම කාලයෙත් ශීත කාලයෙත් එසේ වන්නේය.

තවද දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්,

මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවාණෝ ඔවුන්ගේ එඬේරා වී, ජීවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේකැයි කීවේය.

දෙවියන්වහන්සේද ලෙහියෙහි තිබෙන කුහර තැනක් විවරකළසේක, එයින් වතුර නික්මුණේය; ඔහු බිවූ කල ශක්තිය ලැබ ප්‍රාණවත් වුණේය. එබැවින් ඒ ස්ථානයට එන්-හක්කෝරේ යන නම තබනලදී, එය අද දවස දක්වා ලෙහියේ තිබේ.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්