ද්වීපයෙනි, මා ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්න; ජනයෝ තමුන්ගේ සවිය අලුත්කරගන, ළංව, පසුව කථාකෙරෙත්වා. අපි එක්ව විනිශ්චය පිණිස ළඟාවෙමු.
ඉතින් පුරුෂයෙකු මෙන් නුඹේ ඉඟටිය බැඳගෙන, මා නුඹෙන් අසන විට මට කියන්න.
නිශ්චලවව්, මා දෙවියන්වහන්සේ බව දැනගනිව්. ජාතීන් අතරේ උසස්වන්නෙමි, පොළොවෙහි උසස්වන්නෙමි.
ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.
තවද ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ අෂූරෙන්ද මිසරයෙන්ද පත්‍රෝසෙන්ද කූෂ් රටෙන්ද ඒලාමෙන්ද ෂිනාරෙන්ද හමාතෙන්ද මුහුදේ දිවයින්වලින්ද ඉතිරිවන්නාවූ ස්වකීය සෙනඟ මුදාගන්ට දෙවෙනි වර තමන් අත දිගුකරනසේක.
ජාතීනි, අසන්ට ළංවෙන්න; ජනයෙනි, ඇහුම්කන්දෙන්න. පොළොව සහ ඒකේ පූර්ණකමත් ලෝකය සහ එහි හටගන්න සියල්ලත් අසත්වා.
නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.
ද්වීපයෝ දැක භයවූවෝය; පොළොවේ සීමාවෝ වෙවුලුවෝය. ඔව්හු ළංවී ආවෝය;
මට මතක්කරන්න; අපි එක්ව කාරණා කියාගනිමු. නුඹ ධර්මිෂ්ඨ බව පෙනෙන පිණිස නුඹම නුඹේ විත්තිය කියන්න.
සියලු ජාතීහු එකට රැස්වෙත්වා, ජනයෝද එකතුවෙත්වා. ඔවුන්ගෙන් කවුරු මෙය දන්වා පළමු දේවල් අපට ප්‍රකාශකරනවා ඇද්ද? ඔව්හු තමුන්ගේ සාක්ෂිකාරයන් ගෙනැවිත් තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වත්වා. නැත්නම් ඔව්හු අසා: ඒක සැබෑයයි කියත්වා.
මා ළඟට ඇවිත් මේක අසන්න; මා පටන්ගැන්මේ සිට රහසින් කථාකළා නොවේය; ඒක ඇතිවු කාලයේ සිට ම එහි සිටිමි. දැනුදු ස්වාමිවූ දෙවියන්වහන්සේ මාත් උන්වහන්සේගේ ආත්මයත් එවූසේක.
ද්වීපයෙනි, මාගේ බස් අසන්න; දුර සිටින සෙනඟෙනි, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ කුසේ පටන් මා කැඳවා, මාගේ මවු ගර්භයේ පටන් මාගේ නම සඳහන් කළසේක.
මා ධර්මිෂ්ඨකරන තැනන්වහන්සේ ළංව සිටිනසේක; මට එදිරිව සිටින්නේ කවුද? අපි දෙදෙනාම නැගිට සිටිමු. මාගේ විරුද්ධකාරයා කවුද? ඔහු මා ළඟට ඒවා.
ස්වාමීන්වහන්සේ තමන්ගේ ශුද්ධ මාළිගාවෙහි සිටිනසේක. මුළු පොළොව උන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දවේවා.
මාංසමයවූ සියල්ලෙනි, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දවෙන්න. මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානයෙන් නැගුටුණුසේක.