ස්වාමීන්වහන්සේගේ ආත්මයට මගපෙන්නුවෙත් උන්වහන්සේගේ මන්ත්‍රීව සිට උන්වහන්සේට ඉගැන්නුවෙත් කවුද?
පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය; ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලමතුයෙහි හැසිරෙමින් සිටිසේක.
උත්තමයන් විනිශ්චයකරන්නාවූ දෙවියන්වහන්සේට දැනගැන්ම උගන්වන්ට යමෙකුට පුළුවන්ද?
මා විසින් බලන කල කිසිවෙක් නැත. මා ඔවුන්ගෙන් අසන කල කිසි උත්තරයක් දෙන්ට පුළුවන් මන්ත්‍රියෙක් ඔවුන් අතරේ නැත.
එසේ කීමට ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයෙහි පිහිටා සිට උන්වහන්සේගේ වචනය දුටුවේවත් ඇසුවේවත් කවුද? උන්වහන්සේගේ වචනයට ඇහුම්කන්දී ඇසුවේ කවුද?
මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදී තිබේ. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා කවුද කියා නොදනියි; පුත්‍රයාත් පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට කැමතිද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ කවුද කියා දන්නේ නැතැයි කීසේක.
ඔව්හු ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන්වහන්සේගෙන් උපන්නෝය.
එසේය, ස්වාමීන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නොහොත් උන්වහන්සේට මන්ත්‍රියා වුණේ කවුද!
මක්නිසාද ස්වාමීන්වහන්සේට උගන්වන පිණිස උන්වහන්සේගේ සිත දැනගත්තේ කවුද? නුමුත් අපට ක්‍රිස්තුස්වහන්සේගේ සිත ඇත්තේය.
එසේය, තමන්ගේ කැමැත්තේ මන්ත්‍රණය හැටියට සියල්ල සිද්ධකරන්නාවූ තැනැන්වහන්සේගේ නියමයේ ප්‍රකාරයට, අපි පෙර නියමකරනු ලැබ ක්‍රිස්තුස්වහන්සේ තුළ උරුමයක්වී සිටිමුව.