නුඹ තුළින් නික්මෙන, නුඹට දාව උපදින නුඹේ පුත්‍රයන්ගෙන් සමහරෙක් ගෙනයනු ලබන්නෝය; ඔව්හු බබිලෝනියේ රජුගේ මාළිගාවෙහි නපුංසකයෝ වන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
ඒ කාලයෙහි බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ සේවකයෝ යෙරුසලමට විරුද්ධව ආවෝය, නුවරද වටලනලද්දේ විය.
එවිට යූදාහි රජවූ යෙහෝයාඛින්ද ඔහුගේ මෑණියෝද ඔහුගේ සේවකයෝද ඔහුගේ අධිපතියෝද ඔහුගේ ඇමතියෝද පිටතට බබිලෝනියේ රජු ළඟට ගියෝය. බබිලෝනියේ රජතෙමේ තමාගේ රජකම් කිරීමේ අටවෙනි අවුරුද්දේදී ඔහු අල්ලාගත්තේය.
ඔහු යෙහෝයාඛින් බබිලෝනියට ගෙනගියේය; රජුගේ මෑණියන්ද රජුගේ භාර්යාවන්ද ඔහුගේ ඇමතියන්ද දේශයේ බලවන්තයන්ද ඔහු හිරගණනට ගෙන යෙරුසලමේ සිට බබිලෝනියට ගෙනගියේය.
ඒ නිසා ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධව පැමිණෙවුසේක. ඔව්හු මනස්සේ අල්වා විලංගුවලින්ද දම්වැල්වලින්ද බැඳ බබිලෝනියට ගෙන ගියෝය.
ඊළඟ අවුරුද්දේදී නෙබුකද්නෙශර් රජ ඔහු සහ ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි අනර්ඝ භාණ්ඩත් බබිලෝනියට ගෙන්වා, ඔහුගේ සහෝදරවූ ශෙදෙකියා යූදා සහ යෙරුසලම කෙරෙහි රජකොට පත්කෙළේය.
කඩුවෙන් ගැළවුණු අය ඔහු බබිලෝනියට ගෙනගියේය; ඔව්හු පාර්සිවරුන්ගේ රජකම්කිරීම දක්වා ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් දාසයෝව සිටියෝය.
තවද ඔහු ශෙදෙකියාගේ ඇස් අන්ධ කොට, ඔහු බබිලෝනියට ගෙනයන පිණිස විලංගු දැම්මේය.