ගෝණි රෙදි හැඳගත් රජගෙදර ප්‍රධානියාවූ එලියාකීම්ද ලේකම් වන ෂෙබ්නාද පූජකයන්ගේ වැඩිමහල්ලන්ද ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ළඟට හැරියේය.
එවිට රජගෙදර ප්‍රධානියාවූ හිල්කියාගේ පුත්‍රවූ එලියාකිම්ද ෂෙබ්නා ලේකමද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද පිටත්ව ඔවුන් ළඟට ගියෝය.
තවද ඔහු රජගෙදර ප්‍රධානියා වන එලියාකිම්ද ෂෙබ්නා ලේකම්ද පූජකයන්ගේ වැඩිමහල්ලන්ද ගෝණි රෙදි හඳවා ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ළඟට ඇරියේය.
ඔව්හු අලුයම නැගිට තෙකෝවා කාන්තාරයට පිටත්ව ගියෝය. ඔවුන් පිටත්වෙද්දී යෙහෝෂාපාට් නැගිට සිට කථාකොට: යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න; නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න, එවිට නුඹලා ස්ථිරවන්නහුය; උන්වහන්සේගේ ප්‍රොපේතවරුන් විශ්වාස කරන්න. එවිට නුඹලා සඵලවන්නහුයයි කීවේය.
තවද කෙරුණු සියල්ල මොර්දෙකයි දැනගත් විට ඔහු තමාගේ වස්ත්‍ර ඉරා, අලු ඇතුව, ගෝණි රෙදි හැඳගන, නුවර මැදට ගොස් මහත්වූ දුක්ඛිතවූ හඬකින් මොරගසමින්,
යූදාහි රජවරුන්වූ උස්සියාගේද යෝතාම්ගේද ආහාස්ගේද හෙසකියාගේද දවස්වලදී යූදා සහ යෙරුසලම ගැන ආමොස්ගේ පුත්‍රවූ යෙසායා දුටුදර්ශනයය.
ස්වාමීන්වහන්සේ ආමොස්ගේ පුත්‍රවූ යෙසායා ලවා කථාකරමින්: නුඹ ගොස් නුඹේ ඉඟටියෙන් ගෝණි රෙද්ද මුදා නුඹේ පාදවලින් වහන් ගළවන්නැයි කීසේක. ඔහු එසේ කොට වස්ත්‍රද වහන්ද නැතුව ඇවිද්දේය.
ඒ දවසෙහි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ ඇඬීමටත් වැලපීමටත් හිස මුඩුකරගන සිටීමටත් ගෝණිරෙදි ඇඳගැනීමටත් අඬගැසූසේක.
සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක්: ගෘහාධිපතිවූ ෂෙබ්නා නම්වූ මේ ගබඩාකාරයා ළඟට නුඹ ගොස් මෙසේ කියන්න,
තවද ඒ දවසෙහි හිල්කියාගේ පුත්‍රවූ මාගේ මෙහෙකරුවූ එලියාකීම් අඬගස්වා,
එවිට රජ ගෙදර ප්‍රධානියාවූ, හිල්කියාගේ පුත්‍රවූ එලියාකීම්ද ලේකම්වූ ෂෙබ්නාද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද ඔහු ළඟට ගියෝය.
හෙසකියා පණිවිඩකාරයන්ගේ අතින් ලියුම ගෙන කියවා, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒක දිගහැර,
එවිට ආමොස්ගේ පුත්‍රවූ යෙසායා හෙසකියාට මෙසේ කියා ඇරියේය: අෂූර්හි රජවූ සෙනකෙරීබ් ගැන නුඹ මට යාච්ඤාකළ බැවින්,
ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුරවිය. ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායා ඔහු ළඟට ඇවිත්: නුඹේ ගෙදර කාරණා බේරා තබන්න; මක්නිසාද නුඹ මැරෙන්නෙහිය, ජීවත් නොවන්නෙහිය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.
පූජකයෙනි, ගෝණිරෙදි ඔතාගන විලාප කියන්න; පූජාසනයේ සේවකයෙනි, කෑමොරගසන්න; මාගේ දෙවියන්වහන්සේගේ සේවකයෙනි, ඇවිත් ගෝණිරෙදි පෙරවාගන මුළු රාත්‍රියෙහි වැතිර ඉඳින්න. මක්නිසාද ආහාර පූජාවද පාන පූජාවද නුඹලාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.