Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙසායා 36:2

Sinhala Revised Old Version

අෂූර්හි රජ රබ්-ෂාකේ මහත් සේනාවක් සමඟ ලාකීෂ්හි සිට හෙසකියා රජු ළඟට යෙරුසලමට යැවීය. ඔහු අපුල්ලන්නන්ගේ පිට්ටනියේ මාවත තිබෙන ඉහළ පොකුණේ කානුව ළඟ සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

ඔහු නුවරට, ඉශ්‍රායෙල් රජවූ ආහබ් වෙතට, පණිවිඩකාරයන් යවමින්:

අෂූර්හි රජද ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝෂාන්හි ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචිකෙරෙවුවේය.

ඉතින් අශ්වයන් පිට නැගීයන්ට අසරුවන් සොයාගන්ට නුඹට පුළුවන් නම්, නුඹ අෂූර්හි රජවූ මාගේ ස්වාමියාට ඇප දුන්නොත්, මම නුඹට අශ්වයන් දෙදහසක් දෙන්නෙමි.

එකල ස්වාමීන්වහන්සේ යෙසායාට කථාකොට: නුඹ සහ නුඹේ පුත්‍රවූ ෂෙයාර්-යාෂුබ් ආහාස් සම්බවෙන්ට අපුල්ලන්නන්ගේ පිටියේ මාවතෙහි ඉහළ පොකුණේ කාණුවේ කෙළවරට ගොස් ඔහුට කථාකොට:

අනාගතවක්තෘවූ යෙරෙමියා යූදාහි රජවූ ශෙදෙකියාට මේ සියලු වචන යෙරුසලමේදී කීවේය; මක්නිසාද යූදා නුවරවල් අතරෙන් මේවා පමණක් බලකොටු නුවරවල්ව ඉතුරුව තිබුණේය.

අහෝ ලාකීෂ්හි වාසයකරන්නිය, ශීඝ්‍ර අශ්වයා රථයේ බඳින්න. ඈ වනාහි සියොන් දුවට පාපයේ පටන්ගැන්මය; මක්නිසාද ඉශ්‍රායෙල්ගේ වරද නුඹ තුළ සම්බවිය.

මක්නිසාද ඇගේ තුවාල අසාධ්‍යව තිබේ. එය යූදා දක්වාත් පැමුණුණේය; මාගේ සෙනඟගේ දොරටුව දක්වාම යෙරුසලම ළඟටම ආයේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්