වනයේ වල් මෘගයෝද වෘකයෝද සම්මුඛවන්නෝය, වල් එළුවා උගේ සමාගම්කාරයාට කෑගසන්නේය; එසේය, උලමාත් එහි ලැග නිශ්චල ඉඩමක් ලබාගන්නේය.
හාශෝර් වනාහි සිවලුන්ගේ වාසයක්ද සදාකාල පාළුවක්ද වන්නේය. කිසි මනුෂ්‍යයෙක් එහි වාසයකරන්නේවත් කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් එහි නැවතී සිටින්නේවත් නැත.
එබැවින් වනයේ සත්තුද වෘකයෝද එහි වසන්නෝය, පැස්බරුද එහි වාසයකරන්නෝය. එහි තවත් කවදාවත් වැසියෝ නොවන්නෝය; පරම්පරාවෙන් පරම්පරාවට කිසිවෙක් එහි නොවසන්නේය.
ඇගේ උල්පත් වියළවන්නෙමි. බබිලෝනිය වැසියෙක් නැතුව ජරාවාස ගොඩවල්ද සිවලුන්ගේ වාසයක්ද විස්මයක්ද කවටකමක්ද වන්නීය.
ඒසව්ට අප්‍රියවී, ඔහුගේ කඳු පාළුවක් කෙළෙමි, ඔහුගේ උරුමයද කාන්තාරයේ සිවලුන්ට දුනිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.