එම්බා නොසැලකිලි ස්ත්‍රීවරුනි, නැගිටින්න, මාගේ හඬ අසන්න; අප්‍රවේසම් දූවරුනි, මාගේ බසට ඇහුම්කන්දෙන්න.
සැපෙන් සිටින [අභක්තීන්ගේ] අපහාසයෙන්ද අහංකාරීන්ගේ නින්දාවෙන්ද අපේ ආත්මය අධික ලෙස පිරී තිබේ.
නුඹලා කන් යොමුකර මාගේ හඬ අසන්න; ඇහුම්කන්දී මාගේ වචන අසන්න.
තවද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සියොන් දූවරුන් උඩඟුව, බෙල්ල උස්කොට, ඇස් කොනින් බලබලා, කොට පියවර තබා ඇවිදිමින්, තමුන්ගේ පාදවලින් ශබ්ද නගමින් යන බැවින්,
මක්නිසාද: අප නාස්තිවුණ හැටි! අප දේශය අත්හැරිය නිසාද ඔවුන් අපේ වාසස්ථාන හෙළාදැමූ නිසාද අපි ඉතා වියවුල්ව සිටිමුව යන ළතෝනි හඬක් සියොන් කෙරෙන් ඇසුණේය.
එහෙත් ස්ත්‍රිවරුනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න, උන්වහන්සේගේ මුඛයේ වචනය නුඹලාගේ කන්වල වැටේවා, නුඹලාගේ දූවරුන්ට ළතෝනි කීමද එකිනෙකා තම තමාගේ අසල්වාසි ස්ත්‍රියට විලාපකීමද උගන්වන්න.
රස කෑම කෑ අය අසරණව වීථිවල හිඳිති. රතු ඇතිරිලි පිට හිඳ ඇතිවුණ අය කසළ ගොඩවල් වැලඳගෙන හිඳිති.
ප්‍රීතිමත්ව අප්‍රවේසමෙන් වාසයකරමින්: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි සිත තුළ සිතාගත්තාවූ නුවර මේය. ඒක පාළුවක්ද මෘගයන් ලගින තැනක්ද වූ හැටි! ඒ ළඟින් යන හැම දෙනම කවටකම්කර අත සොලවනවා ඇත.
ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක.
මෘදුකම සහ සිව්මැළිකම නිසා පතුල බිම තබන්ට අකැමැතිවූ නුඹලා අතරේ සිටින මෘදුවූ සිව්මැළිවූ ස්ත්‍රියගේ බැල්ම ඇගේ කකුල් අතරෙන් පිටත එන්නාවූ ඇගේ වැදෑමහ පිළිබඳයෙන්ද,
ඔවුන් එය යෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිසීම් කන්ද මුදුනේ සිට ශබ්දනගා මොරගසමින්: ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන්වහන්සේ නුඹලාට ඇහුම්කන්දෙන පිණිස නුඹලා මට ඇහුම්කන්දෙන්න.