ඒ දවසේ ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පාවළලුවල අලංකාරයද ඉස් දැල්ල වන්ද්‍රලේකාභරණද;
ස්වාමීන්වහන්සේ සියොන් දූවරුන්ගේ ඉස්මුදුනේ කබලු අටගන්වනසේක, ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ රහසඟ නග්නකරනසේක.
කුණ්ඩලාභරණද අත්වළලුද මුවවස්නාද;
ඔවුන් නුඹේ වස්ත්‍ර නුඹෙන් ගළවාගෙන, නුඹේ අලංකාර ආභරණත් ගන්නවා ඇත.
තවද නුඹලා දුරස්තරයෙහි සිටින මනුෂ්‍යයන්ට අඬගසා ඇරියහුය. ඔවුන් ළඟට පණිවිඩකාරයෙක් අරිනලද්දේය, ඔව්හුද ආවෝය; නුඹ ඔවුන් නිසා නාගන, නුඹේ ඇස්වල අඳුන් ගා ආභරණ පැළඳගෙන, අලංකාර ඇඳක ඉඳගත්තෙහිය,
නුඹලාගේ අලංකාරවීම හිසකේ ගෙතීමද ස්වර්ණාභරණ පැළඳීමද නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව,
එවිට සෙබාද ශල්මුන්නාද කථාකොට: නුඹම නැගිට අප මරන්න, මක්නිසාද මනුෂ්‍යයාගේ ප්‍රමාණය යම්සේද ඔහුගේ ශක්තියත් එසේමයයි කීවෝය. ගිඩියොන් නැගිට සෙබාද ශල්මුන්නාද මරා ඔවුන්ගේ ඔටුවන්ගේ කරේ තිබුණු නව සඳාකාර ආභරණ ගත්තේය.
මිදියන්හි රජුන් පැළඳ සිටිය නව සඳාකාර ආභරණද කර්ණාභරණද රත්නිල් වස්ත්‍රද ඔවුන්ගේ ඔටුවන්ගේ කර වට තිබුණු මාලද ඇර ඔහු ඉල්ලාගත් රන් කුණ්ඩලාභරණවල බර රන් ෂෙකෙල් එක්දාස් හත්සියයක්ය.