බලව, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ යෙරුසලමෙන්ද යූදා රටෙන්ද රුකුලත් යෂ්ටියත් පහකරනසේක. එනම් මුළු ආහාරපාන වෘත්තියද;
සතරවෙනි මාසයේ නවවෙනිදා දේශයේ සෙනඟට කෑම නැතිවෙන තරම් සාගතය නුවර තුළ බලවත් විය.
උන්වහන්සේ දේශයට දුර්භික්ෂයක් පමුණුවා, මුළු ආහාර වෘත්තිය සිඳදැමූසේක.
එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ කියනසේක්: අහෝ, මාගේ එදිරිකාරයන්ගෙන් මම නිදහස්වී, මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි.
තමාගේ නාසාපුටවල හුස්ම ඇති මනුෂ්‍යයා තවත් විශ්වාස නොකරන්න. මක්නිසාද ඔහුගේ වටිනාකම කුමක්ද?
තවද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සියොන් දූවරුන් උඩඟුව, බෙල්ල උස්කොට, ඇස් කොනින් බලබලා, කොට පියවර තබා ඇවිදිමින්, තමුන්ගේ පාදවලින් ශබ්ද නගමින් යන බැවින්,
නුමුත් රබ්-ෂාකේ කථාකොට: මාගේ ස්වාමියා මේ වචන කියන්ට මා එවුවේ නුඹේ ස්වාමියාත් නුඹත් ළඟටද? නොහොත් පවුර පිට ඉඳගන ඉන්න මනුෂ්‍යයන් විසින් නුඹලා සමඟ තමුන්ගේ අශූචි කන පිණිසත් තමුන්ගේ මුත්‍ර බොන පිණිසත් ඔවුන් ළඟට මා එවුවා නොවේදැයි කීවේය.
එබැවින් මාගේ සෙනඟ දැනුම නැතුවායින් වහල්කමට ගියෝය. ඔවුන්ගේ උත්තමයෝද බඩගිනි විඳිති, ඔවුන්ගේ සමූහයාද පිපාසායෙන් වේළී සිටිති.
නුඹේ ස්වාමිවූ ස්වාමීන්වහන්සේ වන තමන්ගේ සෙනඟ වෙනුවට මැදහත්වන්නාවූ නුඹේ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, වැනෙන්ට සලස්වන කුසලාන වන මාගේ කෝපය නැමති පාත්‍ර කුසලාන නුඹේ අතින් ගත්තෙමි; නුඹ තවත් එයින් නැවත නොබොන්නෙහිය.
කෙනෙක් දකුණු පැත්තෙහි ගසාකන නුමුත්, බඩගිනිව සිටියි; ඔහු වම් පැත්තෙහි කන නුමුත්, ඔව්හු තෘප්තියට නොපැමිණෙති. එකිනෙකා තම තමාගේ බාහුවේ මාංසය කන්නේය.
ශෙදෙකියා රජද, යෙරෙමියා හිරගෙයි මළුවෙහි තබාගන්ටත් රොටි සියල්ලම නුවරින් කම්මුතුවී යන තුරු දවස් පතා රොටියක් රොටි සාදන්නන්ගේ වීථියෙන් ඔහුට ගෙනදෙන්ටත් අණකෙළේය. මෙසේ යෙරෙමියා හිරගෙයි මළුවෙහි සිටියේය.
මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, මේ මනුෂ්‍යයන් විසින් වළේ දැමූ අනාගතවක්තෘවූ යෙරෙමියාට ඔවුන් කළ සියල්ල නපුරුය; ඔහු සිටින තැනදී බඩගින්නෙන් මැරෙනවා ඇත. මක්නිසාද නුවර තවත් කෑමට රොටි නැතැයි කීය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමනතුරු උන්වහන්සේගේ උදහස නිසා යෙරුසලමටත් යූදාටත් මෙසේ සිද්ධවිය. ශෙදෙකියාද බබිලෝනියේ රජුට විරුද්ධව කැරළිගැසුවේය.
හතරවෙනි මස නවවෙනිදා දේශයේ සෙනඟට කිසි කෑමක් නැතිවන තරම් සාගතය නුවර තුළ බලවත්විය.
අපි අපේම වතුර මිලේට ගෙන බීමුව, අපේම දර අපට විකුණනු ලැබේ.
මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයක් ද්‍රෝහිකම්කරමින් මට විරුද්ධව පව්කරන නිසා මා ඊට විරුද්ධව මාගේ අත දිගුකොට එහි කෑම නැමති යෂ්ටිය නැතිකර, ඊට විරුද්ධව සාගතය යවා, එතනින් මනුෂ්‍යයන් සහ මෘගයන්ද සිඳදමන විට,
මා විසින් නුඹලාගේ කෑම නමැති රුකුල බින්ද විට ස්ත්‍රීහු දසදෙනෙක් එක් උදුනෙක්හි නුඹලාගේ රොටි පුලුස්සා කිරමින් නැවත භාරදෙන්නෝය. නුඹලා කා සෑහීමට නොපැමිණෙන්නහුය.
තවද මා විසින් නුඹලාගේ සියලු නුවරවල දත් ශුද්ධකමද නුඹලාගේ සියලුම ස්ථානවල කෑම හිඟකමද දුන් නුමුත්, නුඹලා මා වෙතට හැරීනාවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක:
ඉතින් නුඹ ඝෝෂාකරන්නේ මන්ද? නුඹ තුළ රජෙක් නැද්ද? නුඹේ මන්ත්‍රීවරු නැතිවූද? මක්නිසාද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාව නුඹට අල්ලා තිබේ.