එකල මම අරියෙල්ට විපත පමුණුවන්නෙමි, එකල්හි ශෝකය සහ වැලපීම වන්නේය. ඒකද මට අරියෙල් මෙන් වන්නේය.
නුඹලාගේ අමාවක්වලටද නියම මංගල්‍යවලටද මාගේ ආත්මය ද්වේෂකරයි. ඒවා මට බරක්ය; ඒවා උසුලා වෙහෙසව සිටිමි.
ඔහු අද දවසේම නොබ්හි රඳන්නේය. ඔහු යෙරුසලම් හෙල වන සියොන් දුවගේ කන්දට විරුද්ධව තමාගේ අත සොලවන්නේය.
බලව, සවස් වේලේ භීතියක්ය; පහන්වන්ට පළමුවෙන් ඔව්හු නැත. අප නාස්තිකරන්නන්ගේ කොටසද අපෙන් කොල්ලකන්නන්ගේ විපාකයද ඒකය.
ඇගේ දොරටු වැලපෙන්ටත් හඬන්ටත් යෙදෙනවා ඇත; ඈ අසරණව බිම හිඳගන්නවා ඇත.
ස්වාමීන්වහන්සේගේ කඩුව ලෙයින් පිරී තිබේ, ඒක තෙලින්ද බැටළු පැටවුන්ගෙත් එළුවන්ගෙත් ලෙයින්ද බැටළුවන්ගේ වකුගඩු තෙලින්ද තරවී තිබේ. මක්නිසාද ස්වාමීන්වහන්සේට බොශ්රාහි පූජාවක්ද ඒදොම් දේශයෙහි මහත් මරාදැමීමක්ද තිබේ.
එවිට රජගෙදර ප්‍රධානියා වන, හිල්කියාගේ පුත්‍රවූ එලියාකීම්ද ලේකම් වන ෂෙබ්නාද වාර්තාකරුවා වන ආසාප්ගේ පුත්‍රවූ යෝවාද තමුන්ගේ ඇඳුම් ඉරාගෙන හෙසකියා ළඟට ඇවිත්, රබ්-ෂාකේගේ වචන ඔහුට දැන්නුවෝය.
ඔව්හු ඔහුට කථාකොට: හෙසකියා මෙසේ කියන්නේය–අද දවස දුකද තරවටුවද අපහාසයද ඇති දවසක්ය. මක්නිසාද ළදරුවෝ බිහිවෙන්ට ළංව සිටිති, නුමුත් බිහිකරන්නට ශක්තිය නැත.
ස්වාමීන්වහන්සේ සතුරෙකු මෙන් වූසේක, ඉශ්‍රායෙල් නටබුන් කළසේක; උන්වහන්සේ ඇගේ සියලු මාළිගා නටබුන්කොට, ඔහුගේ බලකොටු විනාශකළසේක. යූදා දුව කෙරෙහි වැලපීමත් ශෝකයත් වැඩිකළසේක.
එබැවින් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, මාගේ උදහස් ගින්නෙන් ඔවුන් නාස්තිකරදමා ඔවුන්ගේ මාර්ගය ඔවුන්ගේ හිස් පිටට පැමිණවීමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.
මනුෂ්‍ය පුත්‍රය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ වනාහි සියලු ආකාර පක්ෂීන්ටද වනයේ සියලු මෘගයන්ටද කථාකොට–තෙපි රැස්වී වරෙව්; මා විසින් ඉශ්‍රායෙල් කඳු පිට තොප උදෙසා ඔප්පුකරන මහත් පූජාවක් වන මාගේ පූජාවට වටකරින් එකතුවී මස් කා ලේ බොව්.