ඔහු බිම සමතලාකොට, කොල්ලු ඉස, දුරු වපුරා, තිරිඟු පේළි වශයෙන්ද යව ඊට නියම ඉඩමේද තණහාල් එහි මායිමේද හිටවනවා නොවේද?
හාන්නා වපුරන පිණිස සෑමදාම හාන්නේද? තොර නැතුව තමාගේ බිම හාරා පස්කැටි කඩන්නේද?
මෙසේ ඔහුගේ දෙවියන්වහන්සේ හරි විධිය ඔහුට පෙන්වා ඔහුට උගන්වනසේක.
තවද නුඹ තිරිඟුද යවද මෑද කොල්ලුද කුරක්කන්ද තණහාල්ද රැගෙන එක භාජනයක තබා, එයින් රොටි සාදාගන්න; නුඹේ අංශයට නුඹ හාන්සිවෙන දවස් ගණන වන තුන්සිය අනූ දවසක් ඒවා කන්න.
ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.