බලව, ස්වාමීන්වහන්සේගේ බලවත්වූ සවිවූ කෙනෙක් සිටින්නේය; ගල්වැස්ස සහිත කුණාටුවක් මෙන්ද විනාශකරන හුළඟක් මෙන්ද ගලායන මහත් ජලගැලීමක් මෙන්ද ඔහු ඒවා අතින් බිමට හෙළන්නේය.
ඔව්හු නියම කාලයට පළමුවෙන් උදුරාගනු ලැබුවෝය, ඔවුන්ගේ අත්තිවාරමද ජලප්‍රවාහයකින් මෙන් ගහගන ගියේය.
මක්නිසාද ඔබවහන්සේ භයානකයන්ගේ චණ්ඩ මාරුතය තාප්පයකට ගසන කුණාටුවක් මෙන් තිබියදී දුප්පතාට බලකොටුවක්ව දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවණක්ව සිටිසේක.
ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ, තමන්ගේ තදවූ මහත්වූ බලවත්වූ කඩුවෙන් ශීඝ්‍ර සර්පයාවූ ලෙවියාතන්ටත් වක්වෙවීයන සර්පයාවූ ලෙවියාතන්ටත් දඬුවම්කර, මුහුදේ ඉන්න දීර්ඝයාද මරනසේක.
සේනාවල ස්වාමීන්වහන්සේ වෙතින් ගර්ජනාවක්ද පොළෝකම්පාවක්ද මහත් ඝෝෂාවක්ද සුළිහුළඟක්ද කුණාටුවක්ද විනාශකරන ගිනිදළුවක්ද ඈ පිටට පැමිණෙන්නේය.
උන්වහන්සේගේ හුස්මද උතුරා කුළල දක්වා ගලන ඔයක් මෙන් විනාශය නැමති කුල්ලෙන් ජාතීන් පොළන පිණිසත්, මුළාකරවන කටකලියාවක් ජනයන්ගේ හකුවල දමන පිණිසත් පැමිණෙන්නේය.
ස්වාමීන්වහන්සේද තමන්ගේ මහිමාන්විත හඬ අස්වනසේක, උන්වහන්සේ තමන් කෝපයේ උදහසත් දවා දමන ගිනිදළුවත් වාතවේගයත් කුණාටුවත් ගල් වර්ෂාවත් ඇතිව තමන් හස්තයේ පහළවීම පෙන්වනසේක.
නුමුත් වනය වැටීයාමේදී ගල්වර්ෂාවක් වහිනවා ඇත;
බලව, ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවන්තයෙකු මෙන් එනසේක, උන්වහන්සේගේ හස්තයද උන්වහන්සේ උදෙසා ආණ්ඩුකරන්නේය. උන්වහන්සේගේ බැළය උන්වහන්සේ සමඟය; උන්වහන්සේගේ විපාකය උන්වහන්සේ ඉදිරියෙහිය.
මේ සෙනඟ හෙමින් බැස යන්නාවූ ෂිලොවාහි ජලය එපාකොට රෙශීන්ද රෙමලියාගේ පුත්‍රයාද කෙරෙහි ප්‍රීතිවන බැවින්,
ඒක වැටෙන්නේයයි පදම් නොකළ බදාම ගාන අයට කියන්න. ඉතා සැර වැස්සක් එන්නේය; එම්බා මහත් ගල් වර්ෂාවෙනි, නුඹලා වැටෙනවා ඇත; හුළං-කුණාටුවක් එය ඉරාදමන්නේය.
එවිට නුඹ නැගී ඇවිත්, කුණාටුවක් මෙන් පැමිණෙනවා ඇත, නුඹ සහ නුඹ සමඟ නුඹේ සියලු සමුදාවන්ද බොහෝ ජනයන්ද දේශය වසාගැනීමට වලාකුළක් මෙන් සිටිනවා ඇත.
සති සැටදෙකකට පසු ආලේපලත් තැනැත්තා සිඳදමනු ලැබේ, කිසිවෙක්ද ඔහුට නොවන්නේය. පැමිණෙ අධිපතියාගේ සෙනඟ නුවර සහ ශුද්ධස්ථානය විනාශකරන්නෝය; එහි කෙළවර ජලගැල්මකින් මෙන් වන්නේය, කෙළවර දක්වාම යුද්ධ පවතින්නේය; පාළුකිරීම්ද නියමකර තිබේ.
නුමුත් ගලායන ජලගැල්මකින් උන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන් සහමුලින්ම විනාශකරනසේක, තමන්ගේ සතුරන්ද අන්ධකාරයට පන්නාදමනසේක.
තවද ඔවුන් ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලායද්දී, බෙත්-හෝරොන් පල්ලමේදී, අසේකා දක්වා ස්වාමීන්වහන්සේ අහසෙන් මහත් ගල් ඔවුන් පිටට හෙළූසේක, එයින් ඔව්හු මැරුණෝය. ගල් වැස්සෙන් නැසුණු අය වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් කඩුවෙන් මැරූ අයට වඩා බොහෝ වූහ.
එබැවින් මරණයද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය; ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය; මක්නිසාද ඈ විනිශ්චයකළ ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවත්ව සිටිනසේක.
පළමුවෙනියා පිම්බේය, එවිට ලෙයින් මිශ්‍රවූ ගල්වර්ෂාවක්ද ගිනිද හටගෙන පොළොව පිට හෙළනු ලැබුවේය. පොළොවෙන් තුනෙන් පංගුවක් දාලා ගියේය, ගස්වලින් තුනෙන් පංගුවක් දාලාගියේය, සියලු අමු තණකොළද දාලාගියේය.