නුඹේ සියලු අධිපතියෝ එක්ව පලාගිය නුමුත් දුනුකාරයන්ට අසුවුණෝය; දුරට පලාගියාවූ, නුඹ තුළ සම්බවුණු සියල්ලෝ අසුවුණෝය.
මක්නිසාද ඔව්හු කඩු ඉදිරියෙන්ද ඇදගත් කඩුව ඉදිරියෙන්ද තැත්කැවූ දුන්න ඉදිරියෙන්ද යුද්ධයේ තදකම ඉදිරියෙන්ද පලාගියෝය.
ඒ දවසේදී රජුගේ සිතද අධිපතීන්ගේ සිත්ද බයාදුවන්නෝය; පූජකයෝ විස්මපත්වනනෝය, අනාගතවක්තෘවරුද ත්‍රස්තවන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.