Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙසායා 18:5

Sinhala Revised Old Version

එසේය, කපන කාලයට පළමුවෙන් වැඩීම තීන්දුවී මල්වලින් ඵල සෑදී ඉදෙන විට, උන්වහන්සේද කැතිවලින් රිකිලි කපාදමා අතුත් කපා පහකරනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

දිඹුල් ගසේ අමු ගෙඩි ඉදීගන එයි, මිදිවැල්වල මල් පිපී, සුවඳ හමයි. මාගේ සොඳුර, මාගේ ශෝභන තැනැත්තිය, නැගිට එන්න.

මිදිවැල් නරක්කරන සිවලුන් එනම් කුඩා සිවලුන් අල්ලාදෙන්න; මක්නිසාද අපේ මිදිවැල්වල මල් පිපී තිබේ.

බලව, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ භයංකරකමින් අතු කපාදමනසේක. උසින් උසස්වූ ඒවා කපනු ලබන්නේය, උඩඟු ඒවාද පහත්කරනු ලබන්නේය.

ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්