Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙසායා 17:9

Sinhala Revised Old Version

ඒ දවසෙහි ඔහුගේ සවි ඇති නුවරවල් කැලෑවෙහිද කඳුමුදුන්වලද ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් අත්හැරීගිය ඉඩම්මෙන් වී, පාළුවක් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

16 හුවමාරු යොමු  

මක්නිසාද නුඹ නුඹේ ආරක්ෂා පර්වතය සිහිනොකර, නුඹේ ගැළවීමේ දෙවියන්වහන්සේ මතක නැතිකෙළෙහිය; එබැවින් නුඹ ප්‍රියකරු ගස් පංක්ති හිටවන්නෙහිය; අන්‍ය පැළෑටිද එහිම වවන්නෙහිය.

තමාගේ මැවුම්කාරයාණන් දෙස බලන්නේය, ඔහුගේ ඇස්ද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ දෙසට හැරෙන්නේය.

මක්නිසාද බලකොටු නුවර කාන්තාරය මෙන් පාළුවූ අත් අරිනලද නිවාසයක්ව, හුදකලාව තිබේ. වස්සා ඒකේ තෘණ කන්නේය, ඌ එහි ලැග ඒකේ අතු කන්නේය.

එබැවින් නුඹේ සෙනඟ අතර ඝෝෂාවක් හටගන්නවා ඇත. මෑණියන් ඇගේ දරුවන් සමඟ පොඩිකරනු ලැබූ යුද්ධ දවසේදී ෂල්මාන් විසින් බෙත්-අර්බේල් නාස්තිකළ ලෙස නුඹේ සියලු බලකොටු නාස්තිකරනු ලබනවා ඇත.

ඊසාක්ගේ උස්තැන් නාස්තිවන්නේය, ඉශ්‍රායෙල්ගේ ශුද්ධස්ථාන පාළුවන්නේය; මම යෙරොබොවම්ගේ වංශයට විරුද්ධව කඩුවක් ඇතුව නැගිටින්නෙමියි කීසේක.

නුඹේ දේශයේ නුවරවල් සිඳදමා, නුඹේ සියලු බලකොටු බිඳදමන්නෙමි.

මක්නිසාද ඔම්රීගේ නියෝගද ආහාබ්ගේ වංශයේ සියලු ක්‍රියාද පවත්වනු ලැබේ; එසේ මා විසින් නුඹලා පුදුමයක්ද එහි වැසියන් කවටකමක්ද කරන හැටියට නුඹලා ඔවුන්ගේ මන්ත්‍රණවල ප්‍රකාරයට යන්නහුය; මාගේ සෙනඟගේ නින්දාකිරීමද නුඹලා ඉවසනවා ඇත.

නුමුත් දේශය එහි වැසියන් නිසා එනම් ඔවුන්ගේ ක්‍රියාවල ඵල නිසා පාළුවන්නේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්