මක්නිසාද හෙෂ්බොන්හි කෙත්ද සිබ්මාහි මිදිවැල්ද මැළවේ; ජාතීන්ගේ ස්වාමීහු එහි හොඳ වැල් කඩාදැමුවෝය; ඒවා යාසෙර් දක්වා විහිදී, කාන්තාරයෙහි එහා මෙහා ගියේය; එහි අතුද විහිදී, මුහුදෙන් එතරට ගියේය.
එම්බා ගිල්බෝවා කඳුනි, නුඹ පිට පිනිවත් වර්ෂාවවත් නොවැටේවා, ප්‍රථම ඵල පූජා පිට්ටනිද නොතිබේවා. මක්නිසාද බලවතුන්ගේ පලිහ වන සාවුල්ගේ පලිහ තෙලින් ආලේපකරනු නොලැබුවාක් මෙන් අගෞරව ලෙස අහක දමනලද්දේය.
නුමුත් ඔහු එසේ අදහස්කරන්නේවත් ඔහුගේ සිතින් එසේ සිතන්නේවත් නැත; ස්වල්ප ගණනක් නොවන ජාතීන් විනාශකරන්ටද සිඳදමන්ටද ඔහුගේ සිතෙහි තිබේ.
හෙෂ්බොන්ද එලෙයාලේද කෑගසති; ඔවුන්ගේ හඬ යාහශ් දක්වා ඇසෙයි. ඒ නිසා මෝවබ්හි යුද්ධකාරයෝ ඝෝෂාකරති; එක් එක්කෙනාගේ ආත්මය ඔහු තුළ කැළඹෙයි.
එබැවින් යාසෙර් අඬන්නාක්මෙන් මම සිබ්මාහි මිදිවැල ගැන අඬන්නෙමි. අනේ, හෙෂ්බොන් සහ එලෙයාලේ, නුඹලා මාගේ කඳුළුවලින් තෙමන්නෙමි. මක්නිසාද නුඹේ නියඟ කාලයේ ඵල පිටද අස්වැන්න පිටද යුද්ධ ඝෝෂාව පැමිණෙන්නේය.
අලුත් මිදියුස වැලපේ, මිදිවැල මැලවේ, සන්තෝෂ සිත් ඇතුව සිටි සියල්ලෝ සුසුම්ලති.
අහෝ සිබ්මාහි මිදිවැල, යාසේර්හි ඇඬීමට වඩා නුඹ ගැන අඬන්නෙමි. නුඹේ අතු මුහුදෙන් එපිටට ගියේය, ඒවා යාසේර් මුහුද දක්වාම පැතිර ගියේය. නුඹේ ඵල නෙළාගැනීමේදීත් නුඹේ මුද්‍රික වලු කපාගැනීමේදීත් නාස්තිකරන්නා පැමුණුණේය.
මෝසෙස් යාසේර් රට සෝදිසිකරන පිණිස හැරියේය, ඔව්හු එහි නියම්ගම් අල්ලාගෙන එහි සිටි අමෝරිවරුන් පන්නාදැමූහ.
ඉශ්‍රායෙල් සභාව ඉදිරිපිට ස්වාමීන්වහන්සේ පහර දුන් දේශය වන,
අත්රොත්ෂොඵාන්ද යාසේර්ද යොග්බෙහාද;
නම් වෙනස්වුණාවූ නෙබෝ හා බාල්මෙයොන්ද සිබ්මාද ගොඩනැගුවෝය. ඔව්හු තමුන් විසින් ගොඩනැගූ නුවරවලට වෙන නම් තැබුවෝය.
කිරියාතයිම්ද සිබ්මාද මිටියාවතේ කන්දෙහි තිබෙන ශෙරෙත්-ෂහර්ද,
ඔවුන්ගේ පළාත නම් යාශෙර්ද ගිලියද්හි සියලු නුවරවල්ද රබ්බා ඉදිරිපිට තිබෙන අරොයෙර් දක්වා අම්මොන් පුත්‍රයන්ගේ රටෙන් දෙකෙන් කොටසද,