කාන්තාරය දෙස පිහිටා තිබෙන සේලා සිට සියොන් දුවගේ කන්දට, දේශයේ ආණ්ඩුකාරයාට, බැටළු පැටවුන් යවන්න.
ඔහු මෝවබ්වරුන්ටත් පහරදී, ඔවුන් බිම දිගාවෙන්ට සලස්වා, ලනුවකින් මැන්නේය; මරණ පිණිස පේළි දෙකක්ද ඉතුරුකරන පිණිස එක සම්පූර්ණ පේළියක්ද මැන්නේය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවෝ ව කප්පන් ගෙනාවෝය.
ඔහු ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දසදහසක් මරා, යුද්ධකොට සේලා අල්ලාගන, අද දක්වා තිබෙන හැටියට ඊට යොක්තෙයේල් යන නම තැබුවේය.
මෝවබ්හි රජවූ මෙෂා බැටළු හිමියෙක් ව සිටියේය; ඔහු ඉශ්‍රායෙල් රජුට එක් ලක්ෂයක් බැටළු පැටවුන්ගේද එක් ලක්ෂයක් බැටළුවන්ගේද ලෝම දෙන සිරිතක් තිබුණේය.
එබැවින් නුඹ ගොනුන්ද බැටළුවන්ද බැටළුපැටවුන්ද ඒ සමඟ ඕනෑකරන ආහාර පූජා සහ පාන පූජාද කඩිනමින් මේ මුදලෙන් ගෙන යෙරුසලමෙහි තිබෙන නුඹලාගේ දෙවියන්වහන්සේගේ ගෘහයේ පූජාසනය පිට ඔප්පුකරන්න.
ඔහු අද දවසේම නොබ්හි රඳන්නේය. ඔහු යෙරුසලම් හෙල වන සියොන් දුවගේ කන්දට විරුද්ධව තමාගේ අත සොලවන්නේය.
කාන්තාරය සහ එහි නුවරවල්ද කේදාර්වරුන් වාසයකරන ගම්ද ශබ්දනගත්වා; පර්වතවල වැසියෝ ඔල්වරහඬ දෙත්වා, කඳු මුදුන්වල සිට මොරගසත්වා.
දේශයේ මුළු සෙනඟ ඒ එසවීමේ පූජාව ඉශ්‍රායෙල් අධිපතියාට දිය යුතුය.
එම්බා රැළේ කොත, සියොන් දුවගේ හෙල, නුඹ වෙතට පළමු ආණ්ඩුව එන්නේය, එසේය, යෙරුසලම් දුවගේ රාජ්‍යය එන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.