මුළු පොළොව නිෂ්කලංකව නිශ්චලව තිබේ; මනුෂ්‍යයෝ ගී කියමින් මොරගසති.
සියලු මනුෂ්‍ය වර්ගයෙනි, අත්පොළසන්දෙව්; ජයනාදයෙන් දෙවියන්වහන්සේට හඬනගව්.
ස්වාමීන්ට අලුත් ගීතිකාවක් ගායනාකරව්; මක්නිසාද උන්වහන්සේ ආශ්චර්යයන් කළසේක. ස්වකීය දකුණු අතින්ද ශුද්ධවූ බාහුවෙන්ද තමන්වහන්සේට ගැළවීම ඉෂ්ටකරගත්සේක.
ධර්මිෂ්ඨයන්ට ශුභසිද්ධවන කල නගරය ප්‍රීතිවෙයි; දුෂ්ටයන් නැතිවනකල ඔල්වරහඬ පවත්වයි.
දුඃඛිත දර්ශනයක් මට ප්‍රකාශකරනලද්දේය; වංචාකාරයා වංචාකරන්නේය, නාස්තිකාරයා නාස්තිකරන්නේය. එම්බා ඒලාම්, නැගී යන්න; එම්බා මේදිය, වටලාගන්න; එහි සියලුම සුසුම්ලෑම් නැවැත්වීමි.
ස්වර්ගයෙනි, ගීකියන්න; පොළොව, ප්‍රීතිමත්වෙන්න; එම්බා කඳු, ප්‍රීතියෙන් ශබ්දනගන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ සැනසූසේක, තමන්ගේ දුක්ඛිතයන්ටද අනුකම්පාකරනසේක.
එකල ස්වර්ගයද පොළොවද එහි සිටින සියල්ලෝද බබිලෝනිය ගැන ප්‍රීතියෙන් ගීකියන්නෝය; මක්නිසාද නාස්තිකරන්නෝ උතුරුදිග සිට ඈ ළඟට එන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මුළු පොළොව ප්‍රීතිවන අතර නුඹ පාළුවක් කරවන්නෙමි.
ඔව්හු රටමරඳ ගස් අතරේ සිටි ස්වාමීන්වහන්සේගේ දූතයාට උත්තරදෙමින්: අපි පොළොවෙහි ඇවිද්දෙමුව, මුළු පොළොව නිස්කලංකව නිශ්චලව තිබේයයි කීවෝය.
ස්වර්ගය සහ ශුද්ධවන්තයෙනි, ප්‍රේරිතයෙනි, ප්‍රොපේතවරුනි, ඈ ගැන ප්‍රීතිවෙන්න; මක්නිසාද ඈ නුඹලාට කළ විනිශ්චයෙන්ම දෙවියන්වහන්සේ ඈ විනිශ්චයකළසේක.