Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙසායා 13:2

Sinhala Revised Old Version

උත්තමයන්ගේ දොරටුවලට ඇතුල් වන පිණිස ගස් නැති කන්දක් උඩ කොඩියක් ඔසවන්න, ශබ්දනගා ඔවුන්ට හඬගසන්න, අත වනන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

15 හුවමාරු යොමු  

සත්‍යතාව සඳහා නංවා පෙන්වන පිණිස, ඔබ කෙරෙහි භය ඇත්තන්ට ඔබ ධජයක් දුන්සේක.

ඔහු අද දවසේම නොබ්හි රඳන්නේය. ඔහු යෙරුසලම් හෙල වන සියොන් දුවගේ කන්දට විරුද්ධව තමාගේ අත සොලවන්නේය.

උන්වහන්සේ ජාතීන්ට කොඩියක් ඔසවා, පන්වනු ලැබූ ඉශ්‍රායෙල්වරුන් රැස්කර, විසුරුවනු ලැබූ යූදාවරුන් පොළොවේ සතර කොනින් එකතුකරනසේක.

ස්වාමීන්වහන්සේ මිසර මුහුදේ ‍අත්ත සහමුලින්ම නැතිකර දමනසේක; උන්වහන්සේ තමන් බලවත් සුළඟින් ස්වකීය හස්තය ගංගාව කෙරෙහි දිගුකොට, මනුෂ්‍යයන්ට තමුන්ගේ මිරිවැඩි නොතෙමා එගොඩවෙන්ට පුළුවන්වන ලෙස දිය පාර සතකට බෙදීයන්ට ඊට ගසනසේක.

ලෝකයේ වැසියෝද පොළොවෙහි වාසයකරන්නෝද යන සියල්ලෙනි, කඳු පිට කොඩියක් ඔසවන විට බලන්න; හොරණෑව පිඹින විට අසන්න.

ඒ දවසේ මිසරවරු ස්ත්‍රීන් මෙන් වී, සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන්ට විරුද්ධව සොලවන උන්වහන්සේගේ, අතේ සෙලවීමට භයපත්වී, වෙවුලන්නෝය.

ඔහුගේ පර්වතය භීතිය නිසා පහවී, ඔහුගේ අධිපතීහු කොඩියට කැලඹෙන්නෝයයි සියොන්හි ගින්නක්ද යෙරුසලමෙහි උඳුනක්ද ඇත්තාවූ ස්වාමීන්වහන්සේ කියනසේක.

තවද උන්වහන්සේ දුර සිටින ජාතීන්ට කොඩියක් ඔසවා, පොළොවේ කෙළවර සිටින ඔවුන්ට සංඥාකර අඬගසනසේක. බලව, ඔව්හු ඉක්මන්වී වේගයෙන් එන්නෝය.

ජාතීන් අතරේ දන්වා ප්‍රකාශකොට, කොඩියක් නගන්න; නොසඟවා, ප්‍රසිද්ධකොට, මෙසේ කියන්න: බබිලෝනිය අසුවිය, බේල් ලජ්ජාවට පැමුණුණේය, මෙරොදක් කැලඹී සිටියි; ඇගේ දේවරූප ලජ්ජාවට පැමුණුණේය, ඇගේ රූප කැලඹී තිබේ.

අන්න, උතුරෙන් සෙනඟක් එන්නේය; මහත් ජාතියක්ද බොහෝ රජවරුද පොළොවේ ඉතා දුර සීමාවලින් නැගිට එන්නෝය.

බබිලෝනියේ පවුරුවලට විරුද්ධව කොඩියක් ඔසවා, මුරපළ සවිකර, මුරකාරයන් සිටවා, රහස් සේනාව සූදානම්කරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ බබිලෝනියේ වැසියන්ට විරුද්ධව කී දේ උන්වහන්සේ යෝජනාකළාක්මෙන්ම ඉෂ්ටකළසේක.

එම්බා මුළු පොළොව නාස්තිකරන්නාවූ නාස්තිකාර කන්ද, මම නුඹට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, පර්වතවලින් නුඹ පෙරළා දමා, දාලාගිය කන්දක් කරන්නෙමි.

සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ පළල්වූ පවුරු සහමුලින්ම හෙළාදමනු ලබන්නේය, ඇගේ උස් දොරටුද ගින්නෙන් දවනු ලබන්නේය; මෙසේ ජනයෝ හිස්කමටද ජාතීහු ගින්නටද පමණක් වීර්යකර වෙහෙසෙන්නෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්