ඔවුන්ගේ ළදරුවෝද ඔවුන්ගේ ඇස් ඉදිරියේදී බිම ගසා මරනු ලබන්නෝය; ඔවුන්ගේ ගෙවල් කොල්ලකනු ලබන්නේය, ඔවුන්ගේ භාර්යාවෝ අවමන්කරනු ලබන්නෝය.
ඔව්හු දුනුවලින් යෞවනයන් කැබලිකරන්නෝය; ඔව්හු ගර්භයේ ඵලයට අනුකම්පා නොකරන්නෝය; ඔවුන්ගේ ඇස දරුවන්ට කරුණා නොකරන්නේය.
ඔහුගේ පුත්‍රයන් නැගිට, දේශය හිමිකරගෙන, පොළෝතලය නුවරවලින් නොපුරවන පිණිස, ඔවුන්ගේ පියවරුන්ගේ අපරාධ නිසා ඔවුන් මරන්ට සෑදී සිටින්න.
නුමුත් ඒ දෙකම එනම් දරුවන් නැතිවීමද වැන්දඹුකමද එක දවසේම හදිසියෙන් නුඹට පැමිණෙන්නේය. නුඹේ බොහෝ මායම්ද නුඹේ රාශි ගණන් මන්ත්‍රද තිබෙද්දීත් ඒවා සම්පූර්ණයෙන්ම නුඹ පිටට පැමිණෙන්නේය.
නුඹ ලවා රථය සහ එහි නැගීයන්නාත් පොඩිකරවන්නෙමි; නුඹ ලවා ස්ත්‍රිය සහ පුරුෂයාත් පොඩිකරවන්නෙමි; නුඹ ලවා මහල්ලා සහ බාලයාත් පොඩිකරවන්නෙමි; නුඹ ලවා තරුණයා සහ කන්‍යාවත් පොඩිකරවන්නෙමි;
සියොන්හි ස්ත්‍රීන්ටත් යූදා නුවරවල කන්‍යාවන්ටත් ඔව්හු බලාත්කාරකළෝය.
එබැවින් නුඹේ සෙනඟ අතර ඝෝෂාවක් හටගන්නවා ඇත. මෑණියන් ඇගේ දරුවන් සමඟ පොඩිකරනු ලැබූ යුද්ධ දවසේදී ෂල්මාන් විසින් බෙත්-අර්බේල් නාස්තිකළ ලෙස නුඹේ සියලු බලකොටු නාස්තිකරනු ලබනවා ඇත.
නුමුත් ඈ පවා අසුවී වහල්කමට ගියාය. ඇගේ දරුවෝද සියලු වීථි සන්ධිවල බිමගසා මරනු ලැබුවෝය. ඇගේ නම්බුකාරයන් ගැන පසඇට දැමුවෝය, ඇගේ සියලු උත්තමයෝ දම්වැල්වලින් බඳිනු ලැබුවෝය.
එසේය, මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයට රැස්කරන්නෙමි; නුවරද අසුවී, ගෙවල් කොල්ලකනු ලබන්නේය, ස්ත්‍රීහු බලාත්කාරකරනු ලබන්නෝය. නුවරුන්ගෙන් දෙකෙන් කොටසක් වහල්කමට යනවා ඇත, සෙනඟගෙන් ඉතිරි කොටස නුවරින් සිඳදමනු නොලැබේ.