එවිට එළවනලද තිත් මුවෙකු මෙන්ද කවුරුවත් එක්කර නොගන්නාවූ බැටළුවන් මෙන්ද ඔවුන් එකිනෙකා තම තමාගේ සෙනඟ වෙතට හැරී, තම තමාගේ දේශයට පලායනවා ඇත.
එවිට ඔහු කථාකොට: සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසර ඉන්නවා දුටුමි. තවද ස්වාමීන්වහන්සේ–මොවුන්ට ස්වාමියෙක් නැත, එක එකා තම තමාගේ ගෙදරට සමාදානයෙන් හැරී යේවයි කියා කීසේකැයි කීවේය.
එක එක මනුෂ්‍යයා තම තමාගේ නුවරටත් රටටත් යේවයි කියා ඉර බහින වේලේ සේනාව මුළුල්ලෙහි ප්‍රසිද්ධයක් කරනලද්දේය.
ජාතීන් බොහෝ ජලවල ගර්ජනාව මෙන් ගර්ජනාකරන නුමුත් උන්වහන්සේ ඔවුන්ට සැරකරනසේක, ඔව්හු ඈතට පලාගොස් කඳුවල තිබෙන බොල් හුළඟටත් රොඩු සුළිහුළඟටත් ගහගනයන්නාක්මෙන් පන්නාදමනු ලබන්නෝය.
මක්නිසාද ඔව්හු කඩු ඉදිරියෙන්ද ඇදගත් කඩුව ඉදිරියෙන්ද තැත්කැවූ දුන්න ඉදිරියෙන්ද යුද්ධයේ තදකම ඉදිරියෙන්ද පලාගියෝය.
නුඹ යම් යම් දේ සමඟ වෙහෙසුණෙහිද ඒවා නුඹට එයාකාරවන්නේය. නුඹේ යෞවන වයසේ පටන් නුඹ සමඟ වෙළඳාම්කළ අයවල් තම තමුන්ගේ දිශාවලට අහක්ව යන්නෝය; නුඹ ගළවන්ට කිසිවෙක් නොවන්නේය.
තවද සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවූ පසු මම බබිලෝනියේ රජුටත් ඒ ජාතියටත් කල්දිවරුන්ගේ දේශයටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් පමුණුවා, ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.
වපුරන්නා සහ ගොයම්කපන කාලයෙහි දෑකැත්ත පාවිච්චිකරන්නා බබිලෝනියෙන් සිඳදමන්න. පීඩාකරන කඩුවට භයින් ඔව්හු තම තමුන්ගේ සෙනඟ වෙතට හැරී තම තමුන්ගේ දේශයට පලායන්නෝය.
අපි බබිලෝනිය සුවකරන්ට උත්සාහකෙළෙමුව, නුමුත් ඈට සුවවෙලා නැත. ඇය අත්හරින්න, අපි එකිනෙකා තම තමාගේ රටට යමු. මක්නිසාද ඇගේ විනිශ්චය අහසට ළංවී වලාකුල් දක්වා නැගුණේය.
අෂූර් රජ්ජුරුවෙනි, නුඹේ එඬේරු නිදාහිඳිති. නුඹේ උත්තමයෝ සැතපෙති. නුඹේ සෙනඟ කඳුවල විසිරීගියෝය, ඔවුන් එකතුකරන්ට කිසිවෙක්ද නැත.
උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක.
උන්වහන්සේ ගොඩබැස්ස කල මහත් සමූහයක් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට පටන්ගත්සේක.
මක්නිසාද නුඹලා බැටළුවන් මෙන් මුළාවයමින් සිටියහුය; නුමුත් දැන් නුඹලාගේ ආත්මවල එඬේරාද රැකවලාද වෙතට හැරී ඇවිත් සිටින්නහුය.