එබැවින් නුඹලා ප්‍රීති ඇතුව ගැළවීමේ ළින්වලින් දිය ඇදගන්නහුය.
මක්නිසාද ජීවනයේ උල්පත ඔබ සමඟය. ඔබගේ එළියෙන් අපි එළිය දක්නෙමුව.
ගී කියන්නෝද නටන්නෝද: මාගේ උල්පත් සියල්ල නුඹ තුළෙහියයි කියන්නෝය.
වනයේ ගස් අතරේ ජම්බු ගස යම්සේද, පුත්‍රයන් අතරේ මාගේ ප්‍රේමවන්තයාත් එසේය. මම ඔහුගේ සෙවණෙහි ප්‍රීතියෙන් හිඳගතිමි, ඔහුගේ ඵලද මාගේ කටට මිහිරි විය.
මම මුඩු කඳු මුදුන්වල ගංගාද මිටියාවත් මැද උල්පත්ද විවරකරන්නෙමි. කාන්තාරය දිය පොකුණක්ද වියළි දේශයන් ජල උල්පත්ද කරන්නෙමි.
ඔවුන්ට බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය. මිරිඟු වැල්ලවත් අව්වවත් ඔවුන්ට පහර නොදෙන්නේය. මක්නිසාද ඔවුන්ට අනුකම්පාකරන තැනන්වහන්සේ ඔවුන් ගෙනගොස්, දිය උල්පත් ළඟින් ඔවුන් කැඳවාගෙන යනවා ඇත.
මක්නිසාද මාගේ සෙනඟ නපුරු දේවල් දෙකක් කළෝය; ඔව්හු ජීවන වතුර උල්පතවූ මා අත්හැර, කටාරම්, එනම් වතුර නාල්ලන්නාවූ බිඳුණාවූ කටාරම් තමුන්ට කපාගත්තෝය.
මේ ගංගා පැමිණෙන සෑමතැනම රාශි ගණන් පණ ඇති සියලුම සත්වයෝ ජීවත්වන්නෝය; එසේ මත්ස්‍යයන් මහත් ගණනක් හටගන්නවා ඇත. මක්නිසාද මේ වතුර එහි පැමුණුණාම අනික් ඒවා හොඳවන්නේය, ගංගාව ගලන කොතැනක නුමුත් ඉන්න සියල්ලන් ජීවත්ව සිටිනවා ඇත.
ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දාවිත්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේය.
කුමක්හෙයින්ද උන්වහන්සේගේ පූර්ණකමෙන් අපි සියල්ලෝම අනුග්‍රහය ලැබීමුව.
තවද දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්,
ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.
මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවාණෝ ඔවුන්ගේ එඬේරා වී, ජීවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේකැයි කීවේය.
හන්නා යාච්ඤාකරමින් කියන්නී-මාගේ සිත ස්වාමීන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වේ, මාගේ අඟ ස්වාමීන්වහන්සේ කෙරෙහි උසස්වී තිබේ. මාගේ මුඛය මාගේ සතුරන්ට විරුද්ධව ඇරී තිබේ; මක්නිසාද මම ඔබගේ ගැළවීම ගැන ප්‍රීතිවෙමි.