පතුලේ සිට හිස දක්වා කොයි තැනකවත් කිසි සනීපයක් නැතුව තුවාලද කැලල්ද පැසවන වණද තිබේ. ඒවා මිරිකා ඇරියේවත් බැන්දේවත් තෙල් ගා මොළොක්කළේවත් නැත.
අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්‍රායෙල්හි සිටියේ නැත. පතුළ පටන් හිස්මුදුන දක්වා ඔහුට කිසි කැලලක් නොවීය.
මක්නිසාද උන්වහන්සේ තුවාල කරනසේක, උන්වහන්සේම තුවාලය බඳිනසේක; උන්වහන්සේ පහරදෙනසේක, උන්වහන්සේගේම අත්වලින් සුවකරනසේක.
දුක් ඇති දවසේදී ස්වාමීන් සෙවීමි. රාත්‍රියේදී මාගේ අත නොනැවතී දිගුකර තිබුණේය; මාගේ ආත්මය සැනසෙන්ට අකැමැතිවිය.
තවද ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ තුවාලය බැඳ ඔවුන්ට ලැබුණු පහරේ තුවාලය සුවකරන දවසේදී හඳේ එළිය ඉරේ එළිය මෙන්ද ඉරේ එළිය සත් ගුණයක් වැඩිවී සත් දවසක එළිය මෙන්ද වන්නේය.
සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ තුවාලය අසාධ්‍යව නුඹේ පහර ඉතා තදව තිබේ.
නුඹේ තුවාලය නිසා නුඹ කෑගසන්නේ මක්නිසාද? නුඹේ වේදනාව අසාධ්‍යව තිබේ. නුඹේ අපරාධයේ මහත්කම නිසාද නුඹේ පව් වැඩිවූ නිසාද මේ දේවල් නුඹට කෙළෙමි.
බලව, මම ඊට සනීපයත් සුවයත් උපදවා, ඔවුන්ට සුවකොට, බොහෝ සමාදානය සහ සැබෑකම ඔවුන්ට ප්‍රකාශ කරන්නෙමි.
සමාදානය නැතුව තිබෙද්දී: සමාදානයය, සමාදානයය කියා මාගේ සෙනඟගේ තුවාලයද ඔව්හු මඳක් සුවකර තිබේ.
ළිඳකින් වතුර උනන්නාක්මෙන් ඒකේ නපුරුකම උනාඑන්නේය. බලාත්කාරයත් පීඩාවත් එහි ඇසෙන්නේය; වේදනාවද පහරදීමද නිතරම මා ඉදිරියෙහි ඇත්තේය.
නුඹේ තුවාලයට සහනයක් නැත; නුඹට වැදුණු පහර තදය. නුඹේ ප්‍රවෘත්තිය අසන සියල්ලෝ නුඹට විරුද්ධව අත්පොළසන්දෙති; මක්නිසාද නුඹේ දුෂ්ටකම නිතරම නොපැමුණුණේ කා පිටටද?
නුමුත් මාගේ නාමය කෙරෙහි භය ඇත්තාවූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල සුවකිරීම ඇතුව උදාවන්නේය; නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නහුය.
උන්වහන්සේ ඒ අසා ඔවුන්ට කියනසේක්: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත.
ළඟට ගොස්, ඔහුගේ තුවාලවලට තෙල්ද මුද්‍රිකපානයද වත්කොට තුවාල බැඳ, තමාගේම මෘගයා පිට හිඳුවාගෙන, තානායමකට ගෙන ගොස්. ඔහු බලාගත්තේය.