නුඹේ රිදී බොරවිය, නුඹේ මුද්‍රිකපානයෙහි වතුර මිශ්‍රවී තිබේ.
ඔබ පොළොවේ සියලු දුෂ්ටයන් බොර මෙන් පහකරනසේක. එබැවින් ඔබගේ ශික්ෂාවලට ප්‍රේම කරමි.
අනේ, විශ්වාස නුවර වේශ්‍යාවක් වූ හැටි! ඒක යුක්තියෙන් පිරී තිබුණේය! එහි වාසයකළේ ධර්මිෂ්ඨකමය, නුමුත් දැන් සිටින්නේ මිනීමරන්නෝය.
නුඹේ අධිපතීහු කැරළිකාරයෝය, සොරුන්ගේ සමාගම්කාරයෝය, සෑමදෙනම අල්ලසට ඇලුම් වෙති, තෑගි පස්සේ දුවති. මවුපියන් නැත්තන්ට ඔව්හු යුක්තිය නොකෙරෙති, වැන්දඹුවගේ නඩුව ඔවුන් වෙතට පැමිණෙන්නේ නැත.
ඔව්හු බීලා තීන්දුවුණාම වේශ්‍යාකම්කරති; ඇගේ ප්‍රධානියෝ නින්දිතකමට ඇලුම්වන්නෝමය.
අහෝ එප්‍රායිම්, මම නුඹට කුමක් කරම්ද? අහෝ යූදා, මම නුඹට කුමක් කරම්ද? නුඹලාගේ යහපත්කම උදයේ වලාකුළද ඉක්මනින් පහව යන පිනිද මෙන්ය.
මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ වචනය බොහෝදෙනා මෙන් නරක් නොකර, අවංකකමින්ද දෙවියන්වහන්සේගෙන් ලැබුණු ලෙසද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ක්‍රිස්තුස්වහන්සේ තුළ කථාකරමුව.