නුඹලා මා ඉදිරියෙහි පෙනෙන්ට එන කල එසේ මාගේ මිදුල් පාගන්ට කියා නුඹලාගෙන් ඉල්ලුවේ කව්ද?
ඔබ පූජාවටත් පඬුරටත් ප්‍රසන්න නැත; ඔබ මාගේ කන් පෑදූසේක. ඔබ දවන පූජා සහ පාප පූජා වුවමනා නොකළසේක.
නුඹේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටිය යුතුය.
නුඹේ සියලු පිරිමි අවුරුද්දකට තුන්වරක් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පෙනීසිටින්ට ඕනෑය.
නුඹ දෙවියන්වහන්සේගේ ගෘහයට යන විට නුඹේ පාද බලාගන්න; අඥානයන් මෙන් පූජා ඔප්පුකිරීමට වඩා අසන්ට ළංවීම හොඳය. මක්නිසාද තමුන් නපුර කරන බව ඔව්හු නොදනිති.
මාගේ නාමය තබා තිබෙන මේ ගෘහය සොරුන්ගේ ගුහාවක්යයි නුඹලා සිතනවාද? මටත්, එසේය මටත් පෙනෙනවායයි ස්වාමීන්වහන්සේ කියනසේක.
එම්බා මනුෂ්‍යය, යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?
නුඹ දේශයේ මුළු සෙනඟටත් පූජකයන්ටත් කථාකරමින්–නුඹලා දැන් සැත්තෑ අවුරුද්දක් පස්වෙනි සහ හත්වෙනි මාසවල නිරාහාරව සිට විලාපකියද්දී නුඹලා නිරාහාරව සිටියේ මා උදෙසාද?
ඔවුන් කරන සියල්ලම කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන පිණිසය. ඔව්හු තමුන්ගේ පිලාක්තරි පළල්කර (තමුන්ගේ වස්ත්‍රවල) දාවලු මහත් කරති,
අවුරුද්දට තුන් වරක් එනම් මුහුන් නොදැමූ රොටි මංගල්‍යයේදීද සති මංගල්‍යයේදීද කූඩාරම් මංගල්‍යයේදීද නුඹේ සියලු පිරිමි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයට පැමිණ උන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන්ට ඕනෑය. ඔවුන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිස් අතින් නොපෙනී,